ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අවලංගු කළේ ඇයි? – මුජිබර් ප්‍රශ්න කරයි

president france tour knews

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රංශ සංචාරය අවලංගු කළේ කණ්ඩායමේ එක් පුද්ගලයෙක් හට ප්‍රංශයට යාමට වීසා නොලැබුණ නිසා බවට පැතිරයන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කරන්නේ, නියෝජිත පිරිසේ එක් අයෙක්ට වීසා ලබා නොදීම නිසා මෙම සංචාරය අවලංගු කලා යන්න මෙවැනි වැදගත් නිල සංචාරයක් අවලංගු කිරීමට ප්‍රමාණවත් හේතුවක් යන්න යි.

ඔහු එහිදී මෙසේ පැවසීය – ‘ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අවලංගු කර ඇති බව අපටත් අසන්නට ලැබුණා. නියෝජිත පිරිසේ එක් සාමාජිකයෙකුට වීසා ලබා නොදීම මෙය අවලංගු කිරීමට තරම් හේතුවක්ද?’

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සිය ප්‍රංශ සංචාරය අතරතුර යුරෝපීය නායකයින් කිහිප දෙනෙකු සමඟ ජීඑස්පී ප්ලස් සහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව සිටි බැවින් සහ ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමටද සූදානමින් සිටි බැවින්, මෙම සංචාරය අවලංගු කිරීම ප්‍රශ්න සහගත බවයි.

මේ අතර රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලීන්ද ජයතිස්ස පැතිර යන මෙම කතාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ, සමාජ මාධ්‍යවල හුවමාරු වන අදහස් සැමවිටම විශ්වාසදායක නොවන බවත්, එවැනි සටහන් විශ්වාස කළ යුත්තේ ඒවා නිර්මාණය කරන්නේ සහ බෙදාහරින්නේ කවුරුන්ද යන්න සැලකිල්ලට ගනිමින් බවත් ‍ය. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල එකඟතාවයෙන් පසුව දෙපාර්ශ්වයටම පහසු කාල වකවානුවක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...