හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තලාහේනේ ඔහුගේ නිවසේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල සහිතව සොයාගත් බව සහ මෙය සියදිවි හානිකර ගැනීමක් විය හැකි බවට සැකයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් ප්‍රකාශ කරයි.
ඒ අනුව වයස 63ක් වන හිටපු පොලිස්පතිවරයා මියගොස් ඇත්තේ තම සේවා ගිනිඅවියෙන් සිදුවූ මාරාන්තික වෙඩි වැදීමක් නිසා බව වාර්තා වෙන අතර, මේවනවිට ඔහුගේ දේහය මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර ඇත.
1986 වසරේදී පරිවාස සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා, විශ්‍රාම ගියේ ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙසය.
කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, 2020 නොවැම්බර් 28 වැනිදා නිල වශයෙන් පොලිස්පති ධුරයට පත්වීමට පෙර, 2019 අප්‍රේල් 28 වැනිදා සිට වසරකට වැඩි කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර 2023 නොවැම්බර් 27 වැනිදා එම ධුරයෙන් නිල වශයෙන් විශ්‍රාම ගත්තේය.






