තව පොඩි වෙලාවයි කවුරු දිනයිද?

final knews

2026 ෆීෆා ලෝක කුසලාන අවසන් මහා තරගය පටන්ගන්න ඔන්න මෙන්න කවුරු දිනයිද කියලා සංඛ්‍යා දත්ත ආශ්‍රයෙන් බලමු.. මුලින්ම කියන්න ඕනෑ මම නම් හිතන්නේ මේක ස්පාඤ්ඤයට ලේසි තරගයක් වෙයි කියලා. ඔවුන් මේක ලේසියෙන්ම ජයග්‍රහනය කරයි. ඒක තමයි මගේ සිතුවිල්ල. ඒත් සංඛ්‍යා දත්ත කියන කතාව මොකද්ද?

ආජන්ටිනාව දිහා බැලුවාම ඔවුන්ගේ පාපන්දු දෙවියෝ මෙසී තමයි ලොකුම බලාපොරොත්තුව. මෙසේ මේ තරගාවලියේ ගෝල 8ක් ලබාගනිමින් සම වැඩිම ගෝල ලාභියා වෙලා විතරක් නෙවෙයි ගෝල ලබාගැනීමට සහාය වීම් 4ක් ද සිදුකරලා රන් සපත්තුව පළඳින්න ලෑස්තියෙන් ඉන්නේ. වැඩිම ගෝල ප්‍රයත්න 34ක් සහ ඉහළම පුද්ගලික අපේක්ෂිත ගෝල (xG) අගයට (6.16) හිමිකම් කියන්නේත් ඉතිං වයසට ගියත් තවමත් කඩියාවගේ මේ සුපිරි තරුව.

ස්පාඤ්ඤය ගත්තොත් මීට වෙනස්. 2010 වගේම ඔවුන් කණ්ඩායමක් විදිහට තමයි මේ ගේම් එකේ තමන්ගේ බලය පෙන්වලා තියෙන්නේ. ගෝල 5ක් ලබාගත් මිකෙල් ඔයාර්සාබල් තමයි ස්පාඤ්ඤයේ ප්‍රධාන ගෝල ලාභියා. තරගාවලියේ වැඩිම අධි දිවීම් වාර්තා කරලා තියෙන්නෙ ස්පාඤ්ඤයේ රොඩ්‍රි ඒ 919ක් විදිහට, වැඩිම පන්දු යොමු කිරීම් කළ ක්‍රීඩකයෝ ගත්තොත් උඩින්ම ඉන්න තුන්දෙනාම ස්පාඤ්ඤයේ ක්‍රීඩකයෝ.

ආර්ජන්ටිනාව ඉහළම අපේක්ෂිත ගෝල අගය 15.38යි. ඔවුන් ගෝල 19ක් අරගෙන තිබෙනවා. ස්පාඤ්ඤය ගෝල 13ක් අරගෙන 14.96 ක අගයක් ලබාගෙන පොඩ්ඩක් පසුපස්සෙන් ඉන්නවා. ඒත් ඉතිං ස්පාඤ්ඤයට තියෙන ලොකුම ශක්තිය තමයි ඔවුන්ගේ ආරක්ෂක බලඇණිය. ස්පාඤ්ඤය තරඟ 7ක් පුරාවටම ප්‍රතිවාදීන්ට දීලා තියෙන්නේ එක ගෝලයක් විතරයි. මේකට ඉතිං සිමොන්ගේ විශිෂ්ට දැල් රැකීම්ත් හේතුවක්. ආර්ජන්ටිනාව ප්‍රතිවාදීන්ට ගෝල 7ක් ගහන්න දීලා තියෙනවා.

2010 ලෝක කුසලානය දිනාගත්ත ස්පාඤ්ඤ කණ්ඩායමේ තිබුණ ප්‍රධානම රහස තමයි ඔවුන්ගේ විශ්මිත බන්දු බෙදාහැරීම. 2010 කණ්ඩායම තරමටම නැතිවුණත් මේපාරත් ස්පාඤ්ඤයේ පන්දු යොමුකිරීම් හොඳයි. ආර්ජන්ටිනාව ගත්තොත් ඔවුන් ස්පාඤ්ඤයට වඩා පන්දු යොමුකිරීම් සිදුකරලා ඒවා සම්පූර්ණ කරගෙන තිබෙනවා. හැබැයි කණ්ඩායම් දෙකේම පන්දු යොමුකිරීමේ නිර්වද්‍යතාවයේ ප්‍රතිශත අගය බැලුවොත් කණ්ඩායම් දෙකම 91%ක් ලබාගෙන සම මට්ටමක තමයි ඉන්නේ.

ස්පාඤ්ඤය වේගවත් ඔවුන් අධිවේගී දිවීම් වලින් ආජන්ටිනාවට වඩා ඉස්සරැහින් ඉන්නවා. ඒත් ඉතිං ආර්ජන්ටිනා ක්‍රීඩකයින් සමස්තයක් විදිහට ගත්තාම ඔවුන් පිටිය පුරා වැඩි දුරක් ආවරණය කරනවා.

ඉතිං මෙහෙම බැලුවාම ගොඩක් දේවල් වලින් කණ්ඩායම් දෙකම සම මට්ටමේ ඉන්නේ. සමහර දත්ත බැලුවාම ආජන්ටිනාව ඉස්සරැහින් ඉන්නවා. ඒත් ඉතිං ස්පාඤ්ඤයේ ආරක්ෂිත පවුර අදත් ආරක්ෂක වගකීම හරියට කළොත් ඉදිරිපෙළ වේගවත් ක්‍රීඩකයෝ හොඳට දුවලා ජවය තියාගෙන කඩියෝ වගේ 2010 තියරියෙන් මේ තරගයට අවතීරණ වුණොත් ස්පාඤ්ඤයට දෙවෙනි වතාවටත් කුසලානය තමන්ගේ රටට අරගෙන යන්න අමාරු වෙන එකක් නෑ.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...