හේවුඩ් කලා කෞතුකාගාරය රාජ්‍ය මුදල් අවභාවිතා කරලා – චිත්‍ර ශිල්පී සුජිත් රත්නායක

sujith rathnayaka knews

මෑතකදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය විසින් ආරම්භ කරන ලද ‘හේවුඩ් කලා කෞතුකාගාරය’ හරහා රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇතැයිද, ඊට විරුද්ධව තමන් ඇතුළු දෘශ්‍ය කලා සමාජ ක්‍රියාකාරිකයින් නීති මගින් කටයුතු කරන්නට සූදානම් බවද ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන සුජිත් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 18 වැනිදා කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ වත්මන් පීඨාධිපති සත්සර ඉළඟසිංහ මහතාගේ පෞද්ගලික වුවමනාවකට හෝ උසස්වීමක් ලබාගැනීමේ අරමුණින්, කිසිදු විධිමත් පර්යේෂණයකින් තොරව ඉතා කෙටි කාලයක් තුළ මෙම කෞතුකාගාරය ස්ථාපිත කර ඇති බවයි.

knews kart
තෝරාගෙන තිබෙන එක් මතබේදායට තුඩුදුන් නිර්මානයක්

මෙම කෞතුකාගාරය සඳහා කලාකෘති තෝරාගෙන ඇත්තේ විනිවිදභාවයකින් යුතු විනිශ්චය මණ්ඩලයකින් හෝ නිල ලිපි මාර්ගයෙන් නොව, පීඨාධිපතිවරයා දුරකථනයෙන් කතා කර තමන්ට හිතවත් අයගෙන් බවත්, ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාවට විශාල දායකත්වයක් දුන් පුරෝගාමී කලාකරුවන් රැසක් මේ හේතුවෙන් මඟහැරී ඇති බවත් සුජිත් රත්නායක මහතා පෙන්වා දෙයි. එමෙන්ම මෙම කෞතුකාගාරය වෙනුවෙන් එළිදැක්වූ මිල අධික ග්‍රන්ථයේ අඩංගු තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවටද හෙතෙම චෝදනා කරයි.

අදාළ විශ්වවිද්‍යාලය සිංහල මාධ්‍ය විශ්වවිද්‍යාලයක් වුවද, මෙම කෞතුකාගාර ග්‍රන්ථය මුද්‍රණය කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව පෙන්වා දෙන ඒ මහතා, මෙය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවද ප්‍රකාශ කළේය.

මහජන මුදලින් නඩත්තු වන විශ්වවිද්‍යාලයක් තුළ සිදුවන මෙම අත්තනෝමතික ක්‍රියාවලියට සහ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බව සුජිත් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...