අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේග ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
සමගි ජනබලවේගය සමග විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙන අතර එලබෙන 23දා විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.






