ඇමරිකාව ඉරානය වෙත 10 වෙනි දිනයටත් අඛණ්ඩව ප්‍රහාර එල්ලකරමින් සිටින බව වාර්තා වෙන අතර මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ප්‍රකාශ කරන්නේ තම රට ඇමරිකාව සමග මහා පරිමාන යුද්ධයකට එලබ ඇති බවයි.
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්කරන නෞකාවලට නිදහසේ ගමන් කිරීම සඳහා ඉරාන අවහිර කිරීම් මැඬලීමට මෙම නව ප්‍රහාර මාලාව එල්ලකරන බව ඇමරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කරන අතර ඉරානය තවදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් අසල්වැසි රටවල ඇමරිකානු මර්මස්ථාන ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
මේ අතරදී පසුගිය දා ඉරාන ප්‍රහාර හමුවේ ජෝර්දානයේදී සහ ඉරාකයේදී මියගිය අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු පිළිබඳ සඳහන් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මේ සඳහා ඉරානයට දැඩි ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි කියා යි.
ඉරානයේ හමුදා සහ සන්නිවේදන මධ්‍යස්ථාන ඉලක්ක කර එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කර ඇති අතර මීට ප්‍රතිචාර වශයෙන් ඉරානය බහරේනය, ජෝර්දානය සහ සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාර පිළිගනිමින් ජෝර්දානය ප්‍රකාශ කරන්නේ තමන් ඉරාන මිසයිල තුනක් බිමහෙළනු ලැබූ බවයි. කුවේට් හමුදාව ද ඉරාන ඩ්‍රෝන යානා වෙත ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කර ඇත.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තෙල් නැව් දෙකක් පුපුරා ගොස් ඇති බව ඉරාන මාධ්‍ය ප්‍රකාශ කළත් ඇමරිකානු මධ්‍යම විධානය එම මාධ්‍ය වාර්තාවන් ප්‍රතික්ෂේප කරයි.






