මිය ගිය රැඳවියන්ටත් වන්දි ඉල්ලයි

Negombo prison case knews

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්කාරී සිදුවීම හේතුවෙන් මියගිය රැඳවියන් 21දෙනා සඳහා සුදුසු වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටියි.

එම කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරාගේ අත්සනින් යුතුව ජූලි 21 වැනි දින යොමු කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ මියගිය රැඳවියන්ගේ භාරකාරත්වය සහ වගකීම ශ්‍රී ලංකා රජය සතු බවයි. බන්ධනාගාරයක් තුළ රැඳවියකු ඝාතනය වන්නේ නම් එහි වගකීම රජය විසින් භාරගත යුතු බවට වත්මන් ජනාධිපතිවරයා දරන ස්ථාවරය ද කමිටුව විසින් සිහිපත් කර දී තිබේ.

එසේම, අතීතයේ සිදු වූ මෙවැනි සිදුවීම්වල දී පත්කළ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රැඳවියන් අතර නොසන්සුන්තාව වර්ධනය වීමට පසුබිම සකස් වූ බවත්, ඒ පිළිබඳව සියලු බලධාරීන් සාමූහිකව සහ වෙන් වෙන්ව වගකිව යුතු බවත් එම ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව අත්සන් කර ඇති “සිරකරුවන්ට සැලකීම පිළිබඳ අවම සම්මුතිය” (Nelson Mandela Rules) ප්‍රකාරව මෙන්ම, “සිරකරුවන්ද මනුෂ්‍යයෝය” යන රාජ්‍ය ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරමින් මියගිය රැඳවියන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදීම රජයේ වගකීමක් බව කමිටුව වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම ලිපියේ පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ද යොමු කර තිබේ.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...