22 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව නීතිඥ ප්‍රජාව සටන අරඹයි..!

lawyers protest against 22nd amendment knews

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නීතිඥ ප්‍රජාවගේ බහුතර විරෝධය මත ගෙන එන්නට නියමිත 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිවයින පුරා විසිර සිටින නීතිඥ ප්‍රජාව අද කොළඹට එකතුවී ඇත.

පෙරවරු 11ට ආරම්භ කළ බවට වාර්තා වෙන මෙම රැස්වීම සඳහා අතිවිශාල නීතිඥයන් ප්‍රමානයක් සහභාගිවී ඇතැයි මේ වනවිට කරුණු වාර්තා වෙයි.

මෙම රැස්වීම ආරම්භ කරන්නට ප්‍රථම අද උදෑසන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තම ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් පළකර තිබුණි.

‘සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් යුතුව මම මෙය ප්‍රකාශ කරමි. මාගේ අදහසට අනුව තම වෘත්තීය ගෞරවය, ස්වාධීනත්වය සහ ව්‍යවස්ථාමය වගකීම් සැබෑ ලෙසම අගය කරන කිසිදු නීතිඥවරයෙකුට හෝ නීතිඥවරියකට මෙම රජයේ යෝජනාවට සහාය දැක්විය නොහැක. එසේ සහාය දක්වන්නේ නම්, එය නීතිමය හෝ ව්‍යවස්ථාමය මූලධර්ම මත නොව, දේශපාලන මතවාදයක් හෝ යම් පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් පමණක් වනු ඇත.

අපගේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඛණ්ඩත්වය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) මූලධර්මවාදී ස්ථාවරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට අපි කිසිවිටෙකත් පසුබට නොවන්නෙමු’

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...