කතා නොකර ඉන්න බැරිද? ලාල් ලාල්ගෙන් අහලා

images (17)

ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම විධායක කමිටුවේ සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ඩේලිමිරර් වෙත ප්‍රකාශ කරන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින්නැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත තමාගෙන් ඉල්ලා සිටි බවයි.

දශක පහකට වැඩි කාලයක් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ තමන්ට, මෙම ගැටලුව සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටිය නොහැකි බව, ඩේලිමිරර් හා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ඒ මහතා ඩේලිමිරර් සමඟ මෙසේ ප්‍රකාශ කරයි.

‘එක් දිනක් එක් සාමාජිකයෙක් මට කතා කළා – ඔහු නායකත්ව මණ්ඩලයේ, දේශපාලන මණ්ඩලයේ සහ අනෙකුත් මණ්ඩලවල සාමාජිකයෙක්. ඔහු සරලවම ඇහුවා ‘ඇයි ඔයා මේ කාරණය ගැන නිශ්ශබ්දව ඉන්නේ නැත්තේ?’ කියලා.

එසේ කතා කළ පුද්ගලයා ලාල්කාන්ත බවත් පසුව ඔහුට සිය ස්ථාවරය පැහැදිලි කරමින් ලිපියක් යැවූ බවත්, එහි පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහට ද යොමුකළ බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

තම විරෝධය ප්‍රතිපත්තිමය කාරණයක් මත පදනම් වූවක් මිස ජාතික ජන බලවේගයේ නායකයින් සමඟ ඇති කිසිදු පෞද්ගලික මතභේදයක් මත නොවන බව ප්‍රකාශ කරන ඒ මහතා මෙය ප්‍රතිපත්තිමය කරුණක් බවත් ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වීමට නම් නීතියේ ආධිපත්‍යය තිබිය යුතු බවත් නීතියේ ආධිපත්‍යය පවතින්නේ අධිකරණයේ ස්වාධීනත්වයක් තිබුණොත් පමණක් බවත් ප්‍රකාශ කරයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...