K News

Trending Now

හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම..!

pujith jayasundera

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීම යන චෝදනාවලට වැරදිකරු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හට මරණ දඬුවම හිමිව තිබෙනවා.

බෙදුනු නඩු තීන්දුවක් ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ පිළිබඳව ක්‍රියා නොකිරීම සහ එම ඛේදවාචකය වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම යන චෝදනා ඇතුළුව, අපරාධමය වශයෙන් සිය රාජකාරි පැහැර හැරීමේ චෝදනා යටතේ හිටපු පොලිස්පතිවරයාට මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ මෙම නඩුව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *