රූකාන්තගේ ‘බඹර පහස’ ගැන සිසිර විජේතුංග කියන කතාව..!

rukantha music knews

රූකාන්ත ගුණතිලක ඇසුරු කරන්න ලැබුණේ 1986-87 කාලයේ වගේ මතකයේ හැටියට රෝහණ වීරසිංහයන්ගේ රෙකෝඩින්වලදී. ඔහු වාදක මඬුල්ලේ කීබෝඩ් වාදනය කළා. ඔහු දක්ෂයෙක් බව කවුරුත් දැනගෙන හිටියා. ඔහු ඊට පසු ස්විට්සර්ලන්තයට ගියා කියලයි මට මතක. ඊට පෙර සිටම අපේ රටේ තරුණ සංගීත ශිල්පීන් බොහොමයක්ම ස්විට්සර්ලන්තයට ගොස් සංගීත කටයුතු කළා.

කෙසේ හෝ 1988 වගේ රූකාන්ත ආපහු ලංකාවට ආවා. ඔහුගේ මුල්ම කැසට්පටය කරන්න සූදානම් වුණා. දයානන්ද පෙරේරා සමඟ තමයි රෙකෝඩින් කළේ. දයාගේ ස්ටුඩියෝ එක තිබුණේ ගල්කිස්සේ ELECT STUDIO එකේ. රූකාන්ත ඔහුගේ කැසට්පටය සඳහා ඡායාරූප ගැනීමට මට කතා කළා.

පින්තූර ගත් දාට කලින්දා රූකාන්ත පානදුරේ දයාගේ නිවසේ නැවතී සිටි නිසා එදා උදේම පානදුරේ ගොස් ඔහුගේ ඡායාරූප කිහිපයක් ගත්තා. ප්‍රධාන ඡායාරූපය ගැනීමට යොදාගෙන තිබුණේ ELECT එකේ. කවර නිර්මාණය රූකාන්තගේ මිතුරෙකු වූ නිමල්සිරි සිල්වාට භාරදී තිබුණා.

ඔහු ස්ටුඩියෝ එකට පැමිණ සිටියා. ඔහු තමයි රූකාන්තගේ මුහුණ පින්තාරු කළේ. ඊට පසුව රූකාන්තගේ කොණ්ඩයේ තැනින් තැන පාට පාට නූල් ගැටගසා ඒවා ස්ටුඩියෝ එකේ සීලිමට ඇදලා ඇලෙව්වා. මා ඡායාරූප ගැනීමට සැරසී Light Set කළා. ඒ කාලේ මට තිබුණේ පුංචි Comet Light Set එකක්. ඒක තමයි හැම වැඩකටම ගෙනියන්නේ. පින්තූර ගන්න පටන්ගන්න කොටම විදුලිය විසන්ධි වුණා.

මාර වැඩේ රූකාන්තට වුණේ. කරුවලේ වාඩිවෙන්නත් බෑ, හෙල්ලෙන්නත් බෑ, කොණ්ඩයේ ඉඳලා නූල් ඇදලා සීලිමට තියලා ටේප් දාලානේ. කරුවලේ විනාඩි 10ක් විතර නොසෙල්වී ඉන්න වුණා. ඒක තමයි මේ පින්තූරය පිටුපස කතන්දරය. මෙයත් ඒ දවස්වල සාර්ථක වෙනස් පින්තූරයක් වුණා. කැසට්පටය ඉතාම ජනප්‍රිය වුණා. සිංහල සංගීතයේ වෙනස්ම පැත්තක් එක්ක රූකාන්ත කරළියට ආවා. යන යන තැන “බඹර පහස” ගීතය ඇසෙන්න ගත්තා.

උපුටා ගැනීම: සිසිර විජේතුංගගේ ෆේස්බුක් ගිණුමෙන්.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...