ස්වාමීනි, මෙම තීන්දුවෙන් නිලන්ත ජයවර්ධන සහ මෛත්‍රීපාල සිරිසේන සතුටු වෙනවා ඇති – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

hemasiri knews web

‘ස්වාමීනි, අද ලබා දුන් මෙම තීන්දුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වටා ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලයයි. මෙම තීන්දුව ගැන සතුටු වන පුද්ගලයින් දෙදෙනෙකු සිටිනවා. ඒ මුල සිටම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කළ නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන’.

2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු, අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බෙදුනු නඩු තීන්දුවක් මගින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හට මරණ දඬුවම නියම කළ අතර එම නඩු තීන්දුවෙන් පසුව උසාවිය අමතමින් හේමසිරි ප්‍රනාන්දු මෙම අදහස් පළ කළේය.

මෙම නඩු තීන්දුවෙන් පසුව සමාජ මාධ්‍ය තුළද ප්‍රශ්න කිරීමට ලක්වන්නේ එවක ආරක්ෂක අමාත්‍ය ධුරය මෙන්ම ජනාධිපති ධුරය දරනු ලැබූ මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්නයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...