මහර සන්සුන් කිව්වට තවමත් වෙඩි ශබ්ද

afp 20260801 c3r8924 v1 highres srilankaprisonriotarmypolice

මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඊයේ (1) හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇතැද යුද්ධ හමුදාව සහ පොලීසිය අවට සහ බන්ධනාගාරය තුළ ආරක්ෂාව තහවුරු කරමින් ඇතැයි ද කරුණු වාර්තා වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.වුට්ලර් ප්‍රකාශ කරන්නේ දැන් මහර සන්සුන් බවයි. එහෙත් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපදන යටතේ මහර බන්ධනාගාරය අවට ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය නිසා මේවනවිට 6 දෙනෙක් තුවාල ලබා එක් අයෙක් මිය ගොස් ඇති බව රජය නිලවශයෙන් ප්‍රකාශ කළත් ඒ අවට රැඳී සිටින මාධ්‍යවේදීන් ප්‍රකාශ කරන්නේ උදෑසන 7 පමණ වනතුරු බන්ධනාගාර පරිශ්‍රය ඇතුලතින් වෙඩි ශබ්ද ඇසුණු බවයි. තුවාලකරුවන් ප්‍රමානය සහ ජීවිතක්ෂයට පත්වූ ප්‍රමානය නිල සංඛ්‍යාවලට වඩා වෙනස් විය හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි.

දැනට වාර්තා වෙන ආකාරයට මෙම නොසන්සුන්තාවයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අධික තදබදය සහ බන්ධනාගාර නිලධාරීන්ගේ හිංසනයයි. එමෙන්ම රැඳවියන්ට අඩු පහසුකම් හිමිවීම වැනි තත්ත්වයන් පිළිබඳව ද මේ වනවිට සංවාදයක් ඇති වෙමින් තිබෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...