කුලිය මුදල්වලින් නොගෙවා අයිස්වලින් ගෙවන සමාජයක් මේක – අමාත්‍ය හර්ෂණ නානායක්කාර

harshana knews

මොරටුවේ වඩු කර්මාන්තයේ නිරත සමහර අය හවස හයේ සිට උදේ හය දක්වා වැඩ කරන බවත්, ඔවුන්ට වැටුප් නොගෙවා වේතනය වෙනුවට ලබා දෙන්නේ අයිස් පැකට් එකක් බවත් ප්‍රකාශ කරන අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරන්නේ මෙවැනි සමාජයක් වෙනස් කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවයි.

පසුගිය දෙවැනිදා හවස උත්සවයකින් පසුව මාධ්‍ය අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තම රජය නීතිය හරහා මත්ද්‍රව්‍ය සැපයුම නවත්වන්නට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. එහෙත් මත්ද්‍රව්‍ය වෙනුවෙන් පවතින සමාජීය ඉල්ලුම නතර කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය සමාජ ක්‍රියාකාරිත්වය සමගින් ගත යුතු සියලුම පියවර ගනිමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ ගෙවෙන්නේ අසීරු පරිවර්තනීය කාල පරිච්ඡේදයක් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහර ඇතිවූ සිදුවීම මීගමුව බන්ධනාගාරයේ සිදුවීම මෙන් නොවන බවයි. එනිසා මෙය සංවිධානාත්මකව එළියේ සිට මෙහෙයවන්නක් දැයි සැකයක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම්වලට සිරමැදිරි තුළ පවතින තදබදය එක හේතුවක් පමණක් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා කියා සිටියේ තදබදය අවම කිරීම සඳහා ආණ්ඩුව මේ වනවිටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. 2022 වර්ෂයේදී සංශෝධනය කරනු ලැබූ විෂ වර්ග, අබිං සහ මත්ද්‍රව්‍ය පනතට නැවත සංශෝධනයක් ගෙන එන බවත්, ඒ අනුව අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල දළ බර ග්‍රෑම් 100 ට වඩා අඩු නම් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකිවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...