හර්ෂණ ඉක්මනින් ඉගෙනගනී : මැගසින් පාලනය කරයි

new magazine colombo knews

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරන ආකාරයට ඊයේ (6) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ සිදුවූ අවස්ථාවේදී කටයුතු කළ ආකාරයට වෙනස්ව මෙවර මැගසින් බන්ධනාගාරයේ සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත වහාම මාරු කිරීමට පියවර ගෙන ඇත.

මෙම සිදුවීම සිදුවී ඇතැයි ප්‍රකාශ වෙන්නේ බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට පත්වීමත් සමඟ බව ප්‍රකාශ වෙන අතර, ඉන් අනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇත.

මෙම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද කැඳවා ඔවුන් හා එක්ව තත්ත්වය පාලනය කර ඇත. මීගමුව බන්ධනාගාරයේ මුල්ම සිදුවීම අවස්ථාවේද බන්ධනාගාරය සහ අමාත්‍යවරයා මෙසේ ක්‍රියා කළා නම් විශාල ජීවිත ප්‍රමාණයක් ආරක්ෂා කරගන්නට තිබුණි.

මේ වනවිට බන්ධනාගාර පරිශ්‍රයේ මෙන්ම අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද යොදාගෙන ඇත.

කලින් පුවත – https://knews.lk/borella-magazine-prison-unrest/

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...