අවුරුදු 10කට පස්සේ අදූර්ගෙන් චිත්‍රපටියක්..!

adurgopal kart knews

මලයාලම් සිනමාවේ දැවැන්තයකු ලෙස සැලකෙන අදූර් ගෝපාලක්‍රිෂ්ණන් අවුරුදු 10කට පසුව අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. එහි නම “පාදයාත්‍රා”. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මම්මුති.

අලුත් පරම්පරාවේ සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් අදූර් ගෝපාලක්‍රිෂ්ණන් ගැන අසා නොතිබිය හැකියි. මේ වන විට ඔහුට වයස අවුරුදු 85ක්. නවසිය අනූ ගණන්වල සිනමාවට දැඩි ලෙස ඇලුම් කළ අපට ඔහු සිනමාවේ වීරයෙක් වුණා.

මුඛමුඛම්, මතිලුකල්, එලිපතායම් වැනි චිත්‍රපට ඒ කාලයේ මෙරට පැවති සිනමා උළෙලවල ප්‍රදර්ශනය වූ බව මට මතකයි.

mukha mukham kart knews
මුඛමුඛම්

ගෝපාලක්‍රිෂ්ණන් සැලකෙන්නේ මලයාලම් සිනමාවේ කලාත්මක ධාරාව තුළ වැදගත් නිර්මාණ රැසක් බිහි කළ සිනමාකරුවකු ලෙසයි. සත්‍යජිත් රායි, ම්‍රිනාල් සෙන් සහ රිත්වික් ඝටක් වැනි ඉන්දීය අධ්‍යක්ෂවරුන්ගේ කුලකයට අදූර්වත් ඇතුළත් කළ හැකියි. ඔහුද ඔහුටම ආවේණික වූ සිනමා භාෂාවක් භාවිත කළ නිර්මාණකරුවෙකි.

ඔහුගේ “මුඛමුඛම්” චිත්‍රපටයේ තිරනාටකය නවසිය අනූ ගණන්වල සිංහලට පරිවර්තනය වුණා. ඒ සඳහා මගේත් පුංචි සම්බන්ධයක් තිබෙනවා. එම තිරනාටකයේ ඉංග්‍රීසි පරිවර්තනයක් කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේ තිබී මට හමු වුණා. මම එය මගේ හිතවතකු වූ ගාමිණී වේරගමටත් කියවන්න දුන්නා. ඔහු එය කියවා “මුහුණට මුහුණ” නමින් සිංහලට පරිවර්තනය කළා.

ගෝපාලක්‍රිෂ්ණන්ගේ අලුත් චිත්‍රපටය නගරයේ ලාභදායී වෘත්තීය ජීවිතය අත්හැර වනාන්තරවල ජීවත් වන ගෝත්‍රික ජන කණ්ඩායම්වලට සේවය කිරීමට යන වෛද්‍යවරයකුගේ කතාව කියන චිත්‍රපටයක් බවයි වාර්තා වන්නේ.

adur new film kart knews

කාලයකට පසුව ගෝපාලක්‍රිෂ්ණන්ගේ චිත්‍රපටයක් නැරඹීමට ලැබීම කුතුහලයත් නොඉවසිල්ලත් ඇති කරන සිදුවීමක්.

— නිහාල් පීරිස්
උපුටා ගැනීම – ෆේස්බුක්

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...