රජය වී මෙ.ටොන් 30000ක් සහල් කරයි..!

rice knews

වී අලෙවි මණ්ඩලය සතුව ඇතැයි කියන මෙ.ටො 30,000ක වී තොගය සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ සැලැස්මකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

රජය විසින් අලුතින් වී මිලදී ගැනීමේ වැඩසටහන වෙනුවෙන් සහ වෙළඳපොළට ප්‍රමාණවත් සහල් සැපයුමක් සහතික කිරීමේ අරමුණින් මෙම වී තොග සහල් බවට පත් කළ යුතු යැයි 2026 ජූලි 22 දින පැවති ආහාර ප්‍රතිපත්ති කමිටු රැස්වීමේදී නිර්දේශ කර ඇති අතර ඒ අනුව මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් ව ඇත.

මෙම වී තොගය සහල් බවට පරිවර්තනය කර අලවි කිරීම, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් සිදුකරන බවද, වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති සහල් මෝල් හිමියන් හරහා මෙම වී සහල් බවට පත්කර ගැනීමට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව කටයුතු කරනු ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව මෙමගින් නිෂ්පාදනය කෙරෙන සහල් ලංකා සතොස, සමුපකාර අලෙවිසැල් සහ පෞද්ගලික අංශයේ වෙළෙඳුන් හරහා පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමට නියමිතය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...