බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම

bashar al assad knews

ලක්ෂ පහකට ආසන්න ජනතාවකට ජීවිත අහිමි කරමින් සිය පාලන කාලය තුළ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදුකළ, සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට සහ ඔහුගේ බාල සොහොයුරාට සිරියානු අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.

සිරියාවේ දකුණුදිග දරආ (Daraa) පළාතේ මර්දනයට නායකත්වය දීම හේතුවෙන්, අසාද්ගේ මවගේ පාර්ශ්වයේ ඥාති සොහොයුරෙකු වන අතෙෆ් නජීබ්ට ද මෙම නඩුවේදීම මරණ දඬුවම නියම වී ඇත. විනිසුරුවරයා විසින් දඬුවම ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී, සිරකරු නිල ඇඳුමින් සැරසී සිටි නජීබ් දැඩි ආරක්ෂාව මධ්‍යයේ අධිකරණය තුළ රැඳී සිට ඇත.

2014 දෙසැම්බර් මාසයේදී කැරලිකරුවන් විසින් දමස්කස් නුවර සිය පාලනයට නතු කරගනිමින් අසාද් පාලනය පෙරළා දමනු ලැබූ අතර, එහිදී අල්-අසාද් සහ ඔහුගේ සොහොයුරු මහේර් රුසියාවට පලා ගොස් තිබේ.

පසුව අත්අඩංගුවට ගනු ලැබූ නජීබ්, අසාද් පාලනය යටතේ කටයුතු කළ ඉහළම සිරියානු නිලධාරීන්ගෙන් අයෙකි. ඔහු 2011 වසරේ අල්-අසාද්ගේ පාලනය යටතේ දකුණු සිරියාවේ දරආ පළාතේ දේශපාලන ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු සිරියානු හමුදා ප්‍රධානියෙකි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...