යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටින අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට කර ඇති යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපානු ඇති බවට අනතුරු අඟවා ඇත.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අද (12) දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවකට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම නිවේදනය නිකුත් කළේය.
අගෝස්තු 7 වැනිදා ගැසට් කරන ලද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ල පළකරන බව ප්‍රකාශ කරන එම සංගමය මෙම සංශෝධනයේ අරමුණ නඩු විභාග කිරීම් කඩිනම් කිරීම සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම බවට රජය දක්වන මතය ප්‍රශ්න කරයි.
එම සංගමයට අනුව, ඉහළ උසාවි විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ නඩු ප්‍රමාදය වැළැක්වීම අතර කිසිදු බැඳීමක් නැත.






