යුක්රේනය විසින් රුසියාවට එක රැයක් තුළ ඩ්‍රෝන යානා 800කට වඩා වැඩි ප්‍රමාණයක් යොදවා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත. රුසියානු මාධ්‍ය වාර්තාවන් ප්‍රකාශ කරන ආකාරයට රුසියාව විසින් මෙම ඩ්‍රෝන වරුෂාවෙන් ඩ්‍රෝන යානා 800කට වඩා වැඩි ප්‍රමානයක් වෙඩි තබා බිම හෙළා ඇත. මෙහිදී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුවත් මියගොස් ඇති බව රුසියානු බලධාරීන් වාර්තා කරයි.
ගබඩා සහ කාර්මික කම්හල් මෙන්ම පිරිපහදු මධ්‍යස්ථාන ද ඇතුළුව රුසියාව අභ්‍යන්තරයේ ඇති ඉලක්ක වෙත යුක්රේනය විසින් දිගින් දිගටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටින අතර රුසියාවේ ප්‍රභූන් රැසක් වෙසෙන මොස්කව් ප්‍රදේශය ඉලක්ක කරගනිමින් මෙම බොහෝ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීම විශේෂය. වසරේ ආරම්භයේ සිට බලන විට එල්ල වූ විශාලතම යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව රුසියාවේ රාජ්‍ය මාධ්‍යය ආයතනයක් වන TASS පුවත් සේවය පවසයි.
ගුවන් ආරක්ෂක බලකායන් සහ ඉලෙක්ට්‍රොනික යුධ ඒකක විසින් මොස්කව් කලාපයට ඉහළින් ඩ්‍රෝන යානා 187කට වෙඩි තබා ඒවා අක්‍රීය කළ බව එහි ආණ්ඩුකාර ඇන්ඩ්‍රි වොරොබියෙව් ප්‍රකාශ කර ඇත. ඇමේසන් (Amazon) ආයතනයට සමාන රුසියානු ආයතනයක් වන මොස්කව් කලාපයේ පිහිටි වයිල්ඩ්බෙරීස් (Wildberries) ගබඩාවක විශාල ගින්නක් හටගෙන ඇති බව භූ-ස්ථානගත කළ (Geolocated) වීඩියෝ දර්ශන මගින් පෙන්නුම් කරයි. මෙම ප්‍රහාරයෙන් සහ ගිනි ගැනීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව වොරොබියෙව් පැවසීය.
පසුගිය මාස කිහිපය තුළ වයිල්ඩ්බෙරීස් ගබඩා යුක්රේන ඩ්‍රෝන යානාවල ඉලක්ක බවට නිරන්තරයෙන් පත් විය. මෙම තත්ත්වය තුළ අසල්වැසි කසකස්තානයේ නව ගබඩා පහසුකම් ඉදිකරන බව එම සමාගම මෑතකදී නිවේදනය කළේය.
ඉරිදා දින එම කලාපයේ වෙනත් ස්ථානයක සිදුවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 83 හැවිරිදි වියපත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වොරොබියෙව් වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රධාන වශයෙන් රුසියාවේ දකුණු සහ බටහිර ප්‍රදේශ ඇතුළුව කලාප 17ක් හරහා පැමිණි ඩ්‍රෝන යානා අතරමඟදී විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. දකුණු රුසියාවේ රොස්ටොව් හි පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව එම කලාපයේ ආණ්ඩුකාරවරයා පවසයි.
මේ අතර, රුසියාව මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගනිමින් යුක්රේන අගනුවර වන කියෙව් වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඉරිදා අලුයම එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.
මධ්‍යම යුක්රේනයේ ක්‍රෙමෙන්චුක් සහ ක්‍රිවි රිහ් යන නගරවලට ද බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර ක්‍රිවි රිහ් හි පුද්ගලයින් දෙදෙනෙකු සහ උතුරු කලාපයේ පිහිටි සුමි හි තවත් අයෙකු මිය ගිය බව ජනාධිපතිවරයා තහවුරු කරයි.
එක රැයක් තුළ තම රටට එල්ල වූ කිසිදු බැලස්ටික් මිසයිලයක් බිම හෙළීමට යුක්රේනය සමත් වී නොමැති බව ගුවන් හමුදා නිවේදනයක දැක්වෙන අතර, ඉන් යුක්රේනයේ මිසයිල නාශක අවිවල පවතින දැඩි හිඟය ඉස්මතුවෙන බව බටහිර මාධ්‍ය ප්‍රකාශ කරයි.
පසුගිය සතියේ රුසියාව විසින් යුක්රේනයට ප්‍රහාරක ඩ්‍රෝන යානා 1,550කට වඩා, මඟ පෙන්වන ලද ගුවන් බෝම්බ 1,560කට ආසන්න ප්‍රමාණයක් සහ මිසයිල 62ක් එල්ල කර ඇති බව සෙලෙන්ස්කි පවසයි.
“යුරෝපීය මිසයිල නාශක අවි, ගබඩාවල තබා ගැනීමට ඉඩ දිය නොහැක. ජීවිත ආරක්ෂා කළ යුතුය. රුසියාව නැවැත්විය යුතුයි,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ අතරතුර වෙනත් ස්ථානයකදී, එනම් රුමේනියානු ගුවන් කලාපය තුළදී නාඳුනන ඩ්‍රෝන යානයක් ඉරිදා දින වෙඩි තබා බිම හෙළූ බව බුකාරෙස්ට්හි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. නේටෝ ගුවන් පොලිස් මෙහෙයුමක නිරතව සිටි ස්පාඤ්ඤ F-18 ප්‍රහාරක ජෙට් නියමුවෙකු විසින් මෙම ඩ්‍රෝන යානය අතරමඟදී විනාශ කර ඇත.
මෙය මෙම වසර තුළ රුමේනියාවට ඉහළින් වෙඩි තබා බිම හෙළන ලද සිව්වන ඩ්‍රෝන යානය බව එම ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර අසල්වැසි මෝල්ඩෝවා දේශසීමාව හරහා මෙම ඩ්‍රෝන යානය රටට ඇතුළු වූ බව තම රේඩාර් මගින් හඳුනාගත් බවත් එම අමාත්‍යාංශය නිවේදනය කරයි. එහි සුන්බුන් ගම්මාන දෙකක් අතර පිහිටි ජනාවාස නොමැති ප්‍රදේශයකට වැටී ඇත.
රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය කර වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වී ඇති අතර, මෙලෙස ගුවන් සීමාව උල්ලංඝනය කළ අවස්ථා දුසිම් ගණනක් වාර්තා වීමෙන් පසු පළමු වරට, ජූලි මාසයේදී රුමේනියානු F-16 ප්‍රහාරක ජෙට් නියමුවන් විසින් තම ජාතික ගුවන් කලාපය උල්ලංඝනය කළ රුසියානු ඩ්‍රෝන යානා තුනක් වෙඩි තබා බිම හෙළා ඇත. මෙය නේටෝ – රුසියානු යුද්ධ ගැටුමක පෙරනිමිත්තක් ද?
මූලාශ්‍ර – ද ගාර්ඩියන් – මහා බ්‍රිතාන්‍ය






