පසුගිය වසර පහක පමණ කාලය තුළ බන්ධනාගාරවලින් රැඳවියන් 1,178 දෙනෙකු පමණ පැනගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තාවක් අනාවරණය කරයි.
එම වාර්තාවට අදාළව පසුගිය 2019 වසරේදී රැඳවියන් 153ක් ද 2020දී 110ක් ද 2021දී 103ක් ද 2022දී 231ක් ද 2023දී 207ක් ද 2024දී 188ක් ද ආදී වශයෙන් පැනගොස් ඇත. පසුගිය 2015 වසර තුළ මෙම අගය 186ක් බවද එම වාර්තාව ප්රකාශ කරයි.
මෙසේ පැනගිය රැඳවියන් අතරින් 474 දෙනෙකු පමණ නැවත අත්අඩංගුවට ගෙන ඇති අතර, 734ක් රැඳවියන් තවමත් නිදහසේ සරණ බව වාර්තා වෙයි.






