ට්‍රම්ප්ගේ තර්ජනයත් එක්ක ආයේ බොරතෙල් නඟී..!

1567007545815

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕමානයට බෝම්බ හෙළන බවට කළ තර්ජනය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) නැවතත් ඉහළ ගොස් ඇත.

මෙම නව තත්ත්වය සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ඉහළ නැඟ ඇති අතර එහි නව මිල ඇ.ඩො. 91.24ක් ලෙස සටහන්වී ඇත.

මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.70ක් ලෙසත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 85ක් ලෙසත් ඉහළ නැඟ ඇත.

තමන් ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවලට බාධා පැමිණවීම කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බව පසුගිය 17 දා ෆොක්ස් නිව්ස් සමඟ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය සහ එහි පාලනය පිළිබඳව මේවනවිට ඉරානය සහ ඕමානය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර, අමෙරිකාවද වෙනමම සාකච්ඡාවන් පවත්වමින් සිටී.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...