2028 න් පස්සේ ණය ගෙවන්නේ කොහොමද? – රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි

ranil wickremesinghe questions debt repayment after 2028 knews

2028 න් පසු ණය ආපසු ගෙවීම් යළි ආරම්භ කිරීමට සිදු වන බවත්, එනිසා එම කාලය වන විට ශ්‍රී ලංකාව සිය විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 15ක් පමණ දක්වා ගොඩනඟා ගත යුතු බවත් ප්‍රකාශ කරන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ අනුව අතිරේකව සොයා ගත යුතු අමෙරිකානු ඩොලර් බිලියන 7ක මුදල සොයා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.

හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුද දෙකකට උර දී” කෘතිය එළිදැක්වීමේ උත්සවය අද (18) කොළඹදී පැවති අතර, එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

2028 වසරේ අගභාගයේ සිට රටට තවත් දැඩි ආර්ථික අභියෝගයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි අනතුරු අඟවන හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, 2026 වසර අවසන් වන විට විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 8ක් පමණ දක්වා ළඟා වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන පසුබිමක, 2028 වන විට ණය ගෙවීමට නම් අපගේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක මට්ටම ඉක්මවිය යුතු බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ මට්ටම කරා ළඟා වීම සඳහා තවත් අතිරේක ඩොලර් බිලියන 7ක මුදලක් සොයා ගත යුතු යැයි ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා, එම මුදල සොයා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි. ඒ සඳහා වර්තමාන රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බව ප්‍රකාශ කරන ඒ මහතා, “අපි පළමු වටය අවසන් කර තිබෙනවා. දැන් දෙවැනි වටය ආරම්භ විය යුතුයි,” යනුවෙන් ද ප්‍රකාශ කළේය.

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආර්ථික වැඩසටහන 2027 මාර්තු අග වන විට අවසන් වීමට නියමිත බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, එම වැඩසටහනින් ඔබ්බට රජය සතු ආර්ථික උපායමාර්ගය කුමක්ද යන්න ද ප්‍රශ්න කරයි.

රටේ ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ අනාගත ආර්ථික වර්ධනය සඳහා රාමුවක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින්; මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත ඇතුළු නීති කිහිපයක් සිය පාලන සමය තුළ හඳුන්වා දුන් බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා, වත්මන් රජය විකල්ප සැලැස්මක් ඉදිරිපත් නොකර ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන නොයෑමට තීරණය කර ඇති බවට චෝදනා කරයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...