ඩේවිඩ් කරුණාරත්න විසින් ‘රණබිම’ නමින් සිංහල බසට පරිවර්තනය කරන ලද හෝමර්ගේ ‘ඉලියඩ්’ නම් සුප්‍රසිද්ධ කාව්‍යයෙහි විස්තර කෙරෙන්නේ ‘ට්‍රෝයි’ නගරයේ විනාශය පිළිබඳ කතාවයි.
කොටු පවුරෙන් වටවුණු ට්‍රෝයි නගරය වසර දහයක කාලයක් වටලා සිටීමෙන් පසුව ද යටත් කර ගැනීමට ග්‍රීක හමුදාවන්ට නොහැකි විය. එක් උදෑසනක ග්‍රීකයන් පසුබැස ඉවත්ව ගොස් ඇති බව ට්‍රෝජන්වරුන්ට දැක ගත හැකි විය. නගර දොරටුවලින් පිටත ඉතිරි වී තිබුණේ දැවැන්ත ලී අශ්වයෙකු පමණි. ග්‍රීකයන් සටන අතහැර පසුබැස ඇති බව දැක උද්දාමයට පත් ට්‍රෝජන්වරු, දැවැන්ත ලී අශ්වයා දෙවිවරුන්ගෙන් ලැබුණු තෑග්ගක් යැයි විශ්වාස කළහ. අශ්වයා නගර දොරටුවෙන් ඇතුළු කොට නගරය තුළට ගෙන නොයන ලෙස ට්‍රෝයි නගරයේ පූජකයෙකු විසින් කළ අනතුරු ඇඟවීම් නොතකා, ට්‍රෝයි පුරයේ පාලකයන් සහ ජනතාව අශ්වයා නගරය තුළට ගෙන ආහ.
එදින රාත්‍රියේ අඳුරට මුවා වී, එතෙක් ලී අශ්වයා තුළ සැඟව සිටි ග්‍රීක සොල්දාදුවෝ අශ්වයාගෙන් එළියට පැමිණ, නගරය කොල්ලකා, එහි ජනතාව මරා දමා නගරය ගිනිබත් කළහ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ අධිකරණ පද්ධතියේ සකලවිධ දෝෂයන්ට ප්‍රතිකාරයක් වනු ඇති බවට අන්ධ භක්තියෙන් යුතුව විශ්වාස කරන අයට පමණක් නොව, මෙම සංශෝධනය ඉදිරියට ගෙන ගොස් සම්මත කිරීමට සූදානම් වී සිටින ජනාධිපතිතුමාට සහ ඔහුගේ රජයට ද මෙම කතාවෙන් ඉගෙන ගත යුතු වැදගත් පාඩමක් තිබේ.
– ජනාධිපති නීතිඥ සාලිය පීරිස් –






