22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇතැයි කථානායක ජගත් වික්‍රමරත්න අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ අතර විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම පෙත්සම විභාගයට ගැනීමේදී සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒ සඳහා සහභාගි කරගත යුතු බවයි.
ඊයේ (18) දිනයේදී උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
මෙම නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමට නම්, තුනෙන් දෙකක බහුතර කැමැත්තට අමතරව ජනමත විචාරණයකට ද ඉදිරිපත් කළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ප්‍රථම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.






