කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරමින් ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් අද (20) සිට ඉවත් වීමට, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ ප්‍රකාශ කරන්නේ, පසුගිය 19දා රාත්‍රී රැස්වූ සිය සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව අද දින රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට අමතරව හෙට (21) දිනයේ දී දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තම සංගමය තීරණය කළ බව ඒ මහතා පැවසීය.






