පසුගිය දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
පසුගිය 09දා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණ මෙම විභාගයේ උත්තරපත්‍ර ඇගයීමේ කටයුතු මේ අනුව ලබන 25 වෙනිදා දක්වා සිදුවෙනු ඇත.
ඒ අනුව මෙම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත්, මේ දිනවල පැවැත්වෙමින් තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු එලබෙන සැප්තැම්බර් 3දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි.






