රුක් අත්තන මල මුදුනේ… උකුසා..!

nanda tribute knews

ඉස්සර ළමා රංග පීඨයත් සැන්දෑ ප්‍රවෘත්තිත් අතර විනාඩි 15ක කාල ඉඩවරයක් තිබුණි. ඒ ඉඩවරය පුරවන අනිවාර්යය ගීයක වේ නම් ඒ ‘රුක් අත්තන මල මුදුනේ’ වෙයි. රුක් අත්තන මල මගේ ජීවිතය හා බැඳී ඇත.

තාත්තා 1974-77 කාලයේ හසළක දුෂ්කර සේවයේ යෙදී සිටියේ ය. හැම ඉරිදාකම ගෙදර මහ ‘පොයියංගමක්’ ඇතිවෙයි. තාත්තාට නුවරින් හසළක බලා පිටත් වන බසය අල්ලා ගැනීමට බැරි වන තරමට ‘පොයියංගම’ දුර දිග යයි. මට උණ හැදේ. ‘මෙයාට සාංකා උණ’ ඕක හරියයි’ සැවොම පවසති. මගේ ‘උණ’ හොඳ වෙන්නේ ඊළඟ සිකුරාදා තාත්තා ආ පසු පැමිණියාට පසු බව දන්නේ මා පමණි.

මට රුක් අත්තන මල මුදුනේ අසන විට (අවුරුදු 35ක් ගත වී) අදටත් ඇසට කඳුලු නැගේ. ඒ තාත්තා ඈත යාම නිසා දුකින් ඇඬූ දරුවා මිය ගොස් නැති නිසාද? නැතොත් නුවරින් හසළක බසය වරද්දාගෙන ආපසු ආ තාත්තා සඳුදා නිවාඩු දමා [රෑ බසයේ යනු පිණිස] විවිධ වර හදා දුන් සරළ මුත් විස්කම් බඳු වූ කෙළි උපකරණ නිසාද? ගොයම් බට නළා, ගොක් නළා, ගොක් බඹරු, ගංසූරිය කොළ නළා ආදියෙන් ඇරඹි කෙළි බඩු ඇළේ වතුරෙන් කැරකුණු පෙති බඹරා හා ‘සෙන්’ තානය ට අදත් මනසෙහි ඈතින් දෝංකාර දෙන ‘දිය හොල්මන’ දක්වා වර්ධනය විය.

‘අම්මේ තාත්තා ගෙදර එයිද?’

රුක් අත්තන මල ඇසෙන විටක අම්මා සිටියොත් මේ අතීත වාක්‍යය මතක් කරන්නීය. මේ ‘නොස්ටැල්ජියාව’ මා සිතේ ඇති කළේ නන්දා ද, ඇගේ තනුව ද, මහින්ද අල්ගම ගේ පද වැල ද? මනෝ විශ්ලේෂකයෙකුට හොඳ විෂයයකි.

නන්දා ගේ තනුවේ මූලය උකුසා වන්නමයි, උකුසා වන්නමේ සියලු තාන හා තාල ලක්ෂණ අඩු නැතුව යොදා ගන්නා නන්දා‍, සිංහල සංගීතයක් ගැන ‘පාරම් බාන’ ජන කවියෙන් ඔබ්බට ගීතය ගෙන යෑමට කියා ගීතය ජන කවියෙහි ම ඔබා ලා මෙන්න, සිංහල සංගිතය යැයි කියන අයට ඉදිරියෙන් සූ සැට රියනක් උසට නැඟී සිටියි.

තානා… තනෙන තනම්
තානත් තනෙනත් තම්දෙන තානත්
ආදී වශයෙන් එන උකුසා තානමේ චමත්කාරය ගී තනුවෙහි නොනැසී යළි යළිත් පිළිබිඹු වෙයි.

ගීයේ අන්තරා වාද්‍ය ඛණ්ඩයෙහි එන රබාන හා ගැට බෙරය අතර වන සීරු මාරුව හා ගැට බෙර වාදනය ගීතයෙහි ‘සංදර්භය’ නොනැසී පවත්වා ගන්නේ වැඩි වෙහෙසක් නොගනිමිනි.

1953 අවුරුදු 16ක ගැටයෙකුව සිටියදී ‘හේවුඩ්’ ගිය තාත්තා අවුරුදු හතක් පණිභාරත, ගුණයා, කිරිගණිතා ආදී ගුරුන්නාන්සේලා අතින් උදේ 8ත් හවස 6ත් අතර නොකඩවා අභ්‍යාසයට ලක් විය. 1960 විශිෂ්ට ශ්‍රේණි සාමාර්ථයක් (කණ්ඩායමේ එක ම) ලබා රජයේ ගුරු සේවයට එකතු විය. ගෙදරින් එක කොළ කෑල්ලක් වත් ගෙන නොයන ඔහු 1991 ඉතා අඩු විශ්‍රාම වැටුපක ට හිමිව ගුරු සේවයෙන් සමු ගන්නා තෙක් 100% සාමාර්ථ ප්‍රතිශතයක් නොකඩවා තබා ගත්තේය. ඔහු සමස්ත ලංකා තරඟ සඳහා නිර්මාණය කළ ‘උඩරට මැණිකේ දුම්රිය’ හා ‘පෙරහර’ තාල [බෙර] නාද කවි දෙක දැනට ඇත්තේ මගේ මතකයේ පමණි.

‘ඔය මිනිහා ගමට වෙලා නාස්ති වුනා; පුදුම දක්ෂ මිනිහෙක්’ පියරත්න මාමා නිතර කියයි.

මා විසින් සැළසුම් කරගත් මගේ මඟුල් පෝරුව තාත්තා මට දුන් දායාදයේ කොටසකැයි මට සිතේ. දුව නැටුම් පංතියේ ගුරුතුමියගෙන් පැසසුම් ලබන විට හා මෙතෙක් උගත් සියල්ල කොළකෑල්ලක් වත් නැතිව මතකයෙන් නටන විට හේවුඩ් ඇත්තන් ‘වෑල්ඩින් ගුණේ’ ගැන කියන කතා ඇත්ත බව දැනෙයි. ‘කොල්ලෝ උඹ ද ගුණේ ගේ පුතා’ යනුවෙන් නන්දා රත්නතුංග [ලෙංචිනා] පසුගිය දිනක ඇසූ විට හිතට මහත් සතුටක් දැනුනි.

[පුංචි රාළ බාස් -අත්තා- අලින්ට සපත්තු ඇන්දූ බව ද අලින් ලවා අදින කරත්ත තැනූ බව ද පොල්ගස්දෙණිය වලව්වේ සැට රියන් වී-අටුව තැනූ බව ද අසීරු නිසා බොහෝ වඩුවන් පිරිද්දීමට අසමත් වු පේරාදෙණියේ ‘අක්බාර් ශාලාවේ’ මහ උළුවහු තිතට පිරිද්දූ බවද මා පිළිගන්නේ එහෙයිනි]
උකුසා, නෛඅඩි, අසදෘශ ආදී ගීත ගුණයෙන් අනුන වන්නම්, ගී කාපාලුවන්ට [ගජගා වන්නම කා දැමුවන්ට] අසු නොවී මිය ගියත් කමක් නැතැයි මට විටෙක සිතේ.

නන්දා ගේ ගායිකාව විසින් ගී තනු නිර්මාණ ශිල්පිනිය මරා දැමූනු බව මට මහත් දුකකින් සිහිපත් වෙයි. නන්දා ගේ තනු නිර්මාණ ශක්තියට දෙස්දෙන ‘සැඳෑ කළුවර’ හා ‘හදවිල කළඹන’ ගීත යුග්මය හා ඇය ළමා පිටියට කළ තනු නිර්මාණ රැස මතක් කරමි. ඉස්සර ළමා රංග පීඨයත් සැන්දෑ ප්‍රවෘත්තිත් අතර විනාඩි 15ක කාල ඉඩවරයක් තිබුණි.

ඒ ඉඩවරය පුරවන අනිවාර්යය ගීයක වේ නම් ඒ ‘රුක් අත්තන මල මුදුනේ’ වෙයි. රුක් අත්තන මල මගේ ජීවිතය හා බැඳී ඇත.

උපුටාගැනීම – හසිත අබේවර්ධනගේ රසවතිය බ්ලොග් සටහන-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...