එල් නිනෝ නිසා ඇතිවී තිබෙන වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
දිස්ත්‍රික්ක 7ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කට මෙම එල් නිනෝ බලපෑම එල්ල වී ඇති අතර එම තත්ත්වය නිසා පවුල් 25,628ක් පීඩාවට පත්ව ඇතැයි එම නිවේදනය ප්‍රකාශ කරයි. එම නිවේදනයට අනුව මෙම තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන් 72,153 දෙනෙකු වෙත මේ වන විටත් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදු වෙයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264කට අයත් පුද්ගලයින් 33,023 දෙනෙකු මෙම කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කරන එම වාර්තාව ඔවුන්ට ද පානීය ජලය සැපයීමට පියවර ගෙන ඇති බව පවසයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පුද්ගලයින් 28,523 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් වෙත ද පානීය ජලය බෙදා හැරෙන බව පවසන එම වාර්තාව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පුද්ගලයින් 8,783 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ද, ඉන් පුද්ගලයින් 7,882 දෙනෙකු සඳහා පානීය ජලය සපයා ඇති බව ද ප්‍රකාශ කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පුද්ගලයින් 7,876 දෙනෙක් ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පුද්ගලයින් 2,646 දෙනෙක් ද එම වාර්තාවට අනුව පීඩාවට පත්ව සිටින අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 499ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 515ක් ද පීඩාවට පත්ව ඇත.






