22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයකට යෑමට සිදුවුවහොත් ඒ සඳහා තම කණ්ඩායම සූදානම් බව ජාතික ජන බලවේගයේ ප්‍රබලයෙක් අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් නැතිදැයි ඇසූ ප්‍රශ්නයක් හමුවේ ඔහු ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි නීතිමය බාධකයක් තිබෙන බවයි. තම පක්ෂයට ජනතා ප්‍රසාදය තවමත් එක සේ තිබෙන බව ප්‍රකාශ කරන එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 22 වැනි සංශෝධනය වෙනුවෙන් ජනමත විචාරණයකට වුවත් යෑමට තම පක්ෂය සූදානම් බවය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 05 වැනිදා සිට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජන රැළි මාලාවක් සංවිධානය කරමින් පවතින බවත්, ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක බවත් ඔහු ප්‍රකාශ කළේය.






