බස් ලලිත් ට තිබෙන චෝදනා මොනවාද?

bus lalith knews

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී ජාත්‍යන්තර පොලීසියේ සහායෙන් අත්අඩංගුවට ගැනුන ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ මිනිස් ඝාතන, ඝාතනය කිරීමට තැත් කිරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, ගිනි තැබීම් සහ බරපතළ පහරදීම් සම්බන්ධ සිද්ධීන් ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවෙක් බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෙසේ ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුන මෙම සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය අගෝස්තු 25 වන දින අලුයම ශ්‍රී ලංකාවට ගෙන ආ අතර දකුණු කළුතර පදිංචිකරුවෙකු මොහු 2013 සැප්තැම්බර් මාසයේදී හංවැල්ල පොලිස් බලප්‍රදේශය තුළදී තියුණු ආයුධයකින් පුද්ගලයෙකුට පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබයි.

මෙම සැකකරුට එල්ලවෙන අනෙකුත් චෝදනා –

2021 වසරේ දී නෙළුවතුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් බිඳ එහි තිබූ ලොරි රථයකට ගිනි තැබීම.

එම වසරේම මොහුවිසින් සිදුකළ කප්පම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප වීමෙන් පසු එම ව්‍යාපාරිකයාගේ නිවස අසලදී ඔහුට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඉන් එම ව්‍යාපාරිකයා බරපතළ තුවාල ලබා ඇත. මෙම වෙඩි තැබීමට ද මොහු සැකකරුවෙක් ය.

2022 ඔක්තෝබර් මාසයේදී හංවැල්ල පොලිස් වසමේ නිවසකට පුද්ගලයන් කණ්ඩායමක් බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයන් තිදෙනෙකුට පහර දී බරපතළ තුවාල සිදු කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයා පොලීසියට අවශ්‍ය පුද්ගලයෙක් බව ප්‍රකාශ වෙයි.

2022 දෙසැම්බර් 18 වන දින හංවැල්ල ක්‍රොස් වීදියේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවන අතර දැනට මෙම නඩුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

2023 දෙසැම්බර් 25 වන දින පාදුක්ක පොලිස් බලප්‍රදේශය තුළ පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම

2024 මාර්තු 4 වන දින හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

2024 සැප්තැම්බර් 30 වන දින නෙළුවතුඩුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

2025 වසරේදී කොස්ගම පොලිස් වසම තුළ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම

2025 ජූලි මාසයේදී කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් අසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට T-56 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 25ක් සැපයීම.

2025 අගෝස්තු 12 වන දින මීගොඩ පොලිස් වසමේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම මෙහෙයවීම.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් ප්‍රකාශ කරන ආකාරයට මොහු මේවනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්, වෙනත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් සහ නීතිවිරෝධී මාර්ගවලින් උපයා ගත් බවට සැක කෙරෙන දේපළ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බව වාර්තා වෙයි.

ඒ අනුම මෙම සැකකරුගේ දේපල සම්බන්ධයෙන් නීතිවිරෝධී දේපළ විමර්ශන ඒකකය වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...