අද (27) උදේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගෝනමැරියාව පන්සල අසල සිදු වූ රිය අනතුරකින් දින 10ක වයස කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
පදවිශ්‍රීපුර සිට අනුරාධපුර මහරෝහල වෙත යමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් සහ අනුරාධපුර සිට කැබිතිගොල්ලෑව දෙසට ධාවනට වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පදවි ශ්‍රීපුර පදිංචි 49 හැවිරිදි කාන්තාවක්, ඇගේ දියණිය 26 හැවිරිදි කන්තාවක් සහ දින 10ක කුඩා දරුවෙක් මෙසේ මියගොස් ඇත. ත්‍රීරෝද රථයේ රියදුරා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.
කැබ් රථයේ රියදුරු කැබිතිගොල්ලෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.






