නේපාල-ටිබෙට් දේශසීමාවේ ඇති වූ දැවැන්ත ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් පසුව නේපාලයේ පුද්ගලයින් 800කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර, මේ දක්වා අවම වශයෙන් මළ සිරුරු 177ක් සොයාගෙන ඇති බව බීබීසීය වාර්තා කරයි.
තවදුරටත් පවතින වර්ෂාව සහ භූගෝලීය පිහිටීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සංකීර්ණ වී තිබෙන අතර මෙම ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් පසුව නිවාස විනාශ වී, මාර්ග ජලයෙන් යට වී සහ වේගයෙන් ගලා ආ මඩ සහ ජලයට පාලම් ගසාගෙන ගොස් ඇති අතර, මුදාගැනීමේ කණ්ඩායම් තවමත් දිවි ගලවා ගත් පුද්ගලයන් සොයමින් සිටිති.
‘මගේ බිරිඳ තවමත් කොහේ හරි මඩ යට ඉන්නවා,’ යැයි හෙලිකොප්ටරයක් මගින් මුදාගන්නා ලද එක් පුද්ගලයෙක් ප්‍රකාශ කළ බව බීබීසීය වාර්තා කරයි. මේ අතර මෙම තත්ත්වය හේතුවෙන් ටිබෙටයේ අවම වශයෙන් පුද්ගලයින් 558 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, තිදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇත. කෙසේ වෙතත් මෙම සංඛ්‍යාලේඛන නේපාලයේ සංඛ්‍යාලේඛන සමඟ මිශ්‍රවේද යන්න පැහැදිලි නැත.
මේ අතර දේශසීමාවේ දෙපසම, විදේශ ජාතිකයින් සිය ගණනක් අතුරුදන් වී ඇති අතර නේපාලය පවසන්නේ ඊට ඉන්දියාවේ සංචාරකයින් 178ක්, නේපාලයෙන් 127ක්, ඇමරිකානුවන් 65ක්, ඔස්ට්‍රේලියානුවන් 35ක් සහ එක්සත් රාජධානියෙන් 33ක් ඇතුළත් වන බවයි.
මේ අතර මෙම තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් සිදුකරන ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (US Geological Survey) පවසා ඇත්තේ, “ග්ලැසියර කඩා වැටීමක් සහ සුන්බුන් ගලා යාමක්” (glacial collapse and debris flow) මෙම ගංවතුරට හේතු වූ බවයි.
තවද ගංගාවල ඇති සුන්බුන් හේතුවෙන් දෙවන ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට බියක් පවතී.

නේපාල හදිස්සි ගංවතුර පිළිබඳව කලින් සිදුකළ වාර්තාකරණයන් මෙතනින් – https://knews.lk/massive-flood-in-nepal-leaves-hundreds-missing/
– https://knews.lk/least-22-killed-in-nepal-flash-floods-knews/






