නායයාමක් නිසා නිවාස අහිමි වී වසර තුනහමාරකට ආසන්න කාලයක් තේ කර්මාන්තශාලාවක ජීවත් වූ පූනාගල, කබරගල ප්‍රදේශයේ පවුල් 50කට අද (28) දින නව නිවාස හිමිකම ලබාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුවිය.
මෙසේ “නවෝදයාගම” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස 50ක් ලබාදීම සිදුවුණේ, පසුගිය 2023 මාර්තු 19 වනදා සිදු වූ නායයාමෙන් පසුව දුෂ්කර තත්ත්වයන් යටතේ වසා දමනු ලැබූ තේ කර්මාන්තශාලාවක ජීවත් වූ පවුල් 50කට ය.
මෙම ව්‍යාපෘතිය මඟින් සෑම පවුලකටම නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත වර්ග අඩි 550ක අංගසම්පූර්ණ නිවසක් සහ පර්චස් 10ක ඉඩමක් ලබා දී ඇති අතර, සෑම නිවසක් සඳහාම රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ආදිය ද ලබා දී ඇත.






