ලංකාවේ පවතින ගැටලුවලට සමාජවාදයෙන් උත්තර සොයාගත නොහැකි තැන සහ රටේ ආර්ථිකය එක තැන පල්වීමට විසඳුම් නැති තැන, පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහය බිඳ දමා ඒකාධිපති රාජ්‍යයක් බිහිකිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
පසුගිය දා ගාල්ල නගර ශාලාවේදී පැවති ‘සත්‍ය දිනවමු, හොරුත් බොරුත් පරදවමු’ මැයෙන් වූ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණය අමතමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, ඉහත අරමුණ වෙනුවෙන් වත්මන් අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ දැමීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවයි.
මෙම උත්සාහයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු දෙස් විදෙස් බුද්ධිමතුන් දැඩි විරෝධය පළ කර ඇති පසුබිමක, වර්තමාන ආණ්ඩුව අතීතයේ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලයට පැමිණි ආකාරයටම මෙරට තුළද ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර ඒකාධිපතිත්වයක් ගොඩනැගීමට උත්සාහ දරන බවත්, එම උත්සාහය පරාජය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු දී අවසානයේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවත් ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා, ආණ්ඩුවේම නියෝජිතයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා පවා මෙවැනි තීන්දුවක් ජාතික ජන බලවේගය ගෙන නොමැති බව ප්‍රකාශ කර තිබියදීත්, ආණ්ඩුව බලහත්කාරයෙන් මෙම සංශෝධනය සම්මත කරගැනීමට උත්සාහ කරන බව ද අවධාරණය කළේය.






