22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය අද (31) දිනයෙන් අවසන් වන බව වාර්තා වෙයි.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය ඉදිරිපත් කිරීමට පෙර සිටම ඊට විශාල විරෝධයක් රට තුළ ඇති විය.
මේ වන විට යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, අද (31) උදෑසන වන විට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 27ක් ද, ඊට පක්ෂව පෙත්සම් 3ක් ද ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට දිගින් දිගටම විරුද්ධ වූ පාර්ශ්වයෙන් නැගෙන චෝදනාව වූයේ, වත්මන් අගවිනිසුරුවරයා තම ධුරයේ තවත් අවුරුදු දෙකක් රඳවා ගැනීම සඳහා ආණ්ඩුව මෙම සංශෝධනය ගෙන එන බවයි. ඊට ප්‍රතිචාර ලෙස ආණ්ඩු පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ, අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව නැංවීම සඳහා මෙම යෝජනාව ගෙන ආ බවයි.






