විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්න එපා – පෙරටුගාමීන්ගෙන් කොමිසමට ලියුමක්

peratugami srilanka knews

විදුලි ගාස්තු නැවත වැඩි කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට ඉඩ නොදෙන ලෙස ඉල්ලා අද (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් භාර දෙන ලදී.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී ඔවුන් පහත ලිපිය එම කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය.


සභාපති,
මහජන උපයෝගිතා කොමිසම,
ශාන්ත මයිකල් මාවත,
කොළඹ 03.

සභාපතිතුමනි,

විදුලි ගාස්තු වැඩි නොකරන ලෙස ඉල්ලා සිටීම

2026 වසර සඳහා ගෙන්වූ ගල් අඟුරු තත්ත්වයෙන් බාල නිසා එමඟින් අපේක්ෂිත විදුලි ධාරිතාව නිෂ්පාදනය කරගත නොහැකි විය. ඒ අතර, ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලු හේතුවෙන් ගල් අඟුරු තොග අවසන් වෙමින් තිබේ. පියසි මත සූර්ය පැනල අධෛර්යමත් කිරීමට ආණ්ඩුව ගත් තීරණයත් සමඟ පුනර්ජනනීය බලශක්තියෙන් එම අඩුව පිරවීම ද ගැටලුකාරීය.

මේ තත්ත්වය යටතේ ඉන්ධනවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වැඩි අවශ්‍යතාවක් ජනිත වනු ඇත. නමුත්, විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය මේ මස සිට අවසන් කෙරෙනු ඇත. එමෙන්ම, ඒ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදෙන නැප්තා සහ දැවිතෙල් මිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇති බව අපට වාර්තා වන අතර, පද්ධති පාලන සමාගම විසින් එම ඉල්ලීම ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරනු ඇත.

අප්‍රේල් මාසයේ සිට දිගින් දිගටම උද්ධමන අනුපාතිකය 5-7% ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර, අගෝස්තු මාසයේ එම අගය 8%කි. ආදායම් වැඩි නොවී වියදම් වැඩිවන තත්ත්වයක් යටතේ ජනතාව බරපතළ දුෂ්කරතාවයකට පත්ව සිටින අතර, විදුලි ගාස්තු වැඩිවීමක් මඟින් විදුලි පාරිභෝගික ජනතාව විශාල පීඩාවකට ලක්වනු ඇත.

එබැවින්, එවැනි ඉල්ලීමකට ඉඩ නොදෙන ලෙස විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උදෙසා නෛතිකව පිහිටුවනු ලැබූ ආයතනයක් ලෙස ඔබ කොමිසමෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම,

  1. පසුගිය කාලයේ ඉන්ධන මඟින් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන සැක සහිත බැවින් ඒ පිළිබඳ පූර්ණ විගණනයක් සිදු කරන ලෙස ද,
  2. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවලින් සිදුවූ අලාභය පාරිභෝගිකයා මත නොපටවන ලෙස කොමිසම තීරණයක් ගෙන තිබියදී, ඉන්ධන මඟින් කෙරෙන විදුලි නිෂ්පාදන පිරිවැය හරහා එය අය කරගෙන තිබේදැයි විමර්ශනයක් කරන ලෙස ද,
  3. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හදිසියේ නැප්තා සහ දැවිතෙල් මිල වැඩි කිරීමට සාධාරණ හේතු තිබේදැයි විමර්ශනයක් කරන ලෙස ද,
  4. විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය තවත් මාස කිහිපයකට දීර්ඝ කිරීම සඳහා රජයෙන් ඉල්ලීමක් කරන ලෙස ද,
  5. ගල් අඟුරු තොග මෙතරම් ඉක්මනින් අවසන් වී, ගල් අඟුරු නැව් දෙකක පමණ හිඟයක් ඇතිවූ හේතුව ගැන විමර්ශනයක් කරන ලෙස ද,
  6. පියසි මත සූර්ය පැනල අධෛර්යමත් කිරීමේ තීරණය පිටුපස යම් අල්ලසක් හෝ දූෂණයක් තිබේදැයි විමර්ශනයක් කරන ලෙස ද,
  7. ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැයට අදාළ මහජන අදහස් කැඳවීමේ ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ලබාදෙන ලෙස ද,

කොමිසමෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී,

පුබුදු ජයගොඩ
අධ්‍යාපන ලේකම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය


පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...