අල්ලස් කොමිසම රවීගේ නිවසට යයි – රවී වෙනත් දිනයක් ඉල්ලා තිබිලා

ravi presscon knews

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම පැහැර හැරීම හේතුවෙන් යැයි මාධ්‍යයට ප්‍රකාශ කරමින්, මාධ්‍ය ද සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස වෙත අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පැමිණ ඇත.

මේ පිළිබඳව රවී කරුණානායක මහතාගේ පාර්ශ්වයෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මන්ත්‍රීවරයා කිසිසේත්ම අල්ලස් කොමිසම මඟහැරීමක් සිදුකර නොමැති බවයි.

විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දීමක් කර තිබුණ ද, අදාළ දිනයේදී මන්ත්‍රීවරයාට කොමිසමට පැමිණීමට නොහැකි බැවින් නීතිඥයන් හරහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත්, එලෙස නව දිනයක් ලබාදීමට අල්ලස් කොමිසම එකඟ වී ඇති බවත් අදාළ පාර්ශ්වය පැවසීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙලෙස නිවසට පැමිණ ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේ බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...