එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම් උත්සවය සඳහා සහභාගී වන්නැයි, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ආරාධනය කළත්, කලින් යොදාගත් කාර්යයක් හේතුවෙන් ඔහුට හෙට (6) දිනයේ පැවැත්වෙන එම උත්සවයට සහභාගී වන්නට නොහැකි බව, සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එජාප ජාතික සංවිධායක සාගල රත්නායක වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව එම උත්සවය සඳහා සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සමඟින් කබීර් හෂීම්, තිස්ස අත්තනායක, හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා, මුජිබුර් රහුමාන්, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සජබ ප්‍රබලයන් සහභාගී වන බව වාර්තා වෙයි.






