අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය විසින් රචිත ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සැප්තැම්බර් මස 09 වැනි බදාදා පස්වරු 2.30ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වේ.
උපකුලපතිතුමාගේ සහ පීඨාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවේදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ රසික ජයකොඩි දේශන දෙකක් පැවැත්වීමට නියමිත අතර, සාහිත්‍යයට හා කවියට ලැදි ඔබ සැමට එදිනට සහභාගි විය හැකි බව කතුවරයා දන්වා සිටී.






