දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.
අද (11) උදෑසන මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් මෙම දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ පියා බරපතළ ලෙස තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී වයස අවුරුදු 11ක් සහ 17ක් වන දරුවන් දෙදෙනා මියගොස් ඇත.
55 හැවිරිදි පියා බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වන අතර මෙම ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැතැයි පොලීසිය ප්‍රකාශ කරයි.






