ජනසටන විශාල ජන සහභාගීත්වයක්..!

805696948 1099448492596614 7830996448789975050 n

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ ‘ජනසටන’ මහජන රැලිය අද (12) දින මේ වනවිට අනුරාධපුර නගරයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබෙයි.

එහි සිටින එම පෙරමුණේ ප්‍රධානියෙක් අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේ ආණ්ඩුවේ නොයේකුත් තාඩන පීඩන හමුවේ සංවිධානය කළ ජනහමුව සඳහා විශාල ජනතා සහභාගීත්වයක් තිබීමෙන් වර්තමාන ආණ්ඩුව කෙරෙහි පවතින ජන ප්‍රසාදය පෙන්නුම් කරන බවයි.

ඉහළ යන ජීවන වියදම හමුවේ දුප්පත් ජනතාවට ජීවත්වීම ප්‍රශ්නයක් වී ඇති බව ප්‍රකාශ කළ එම ප්‍රකාශකයා පසුගිය කාලය පුරාවට ආණ්ඩුව ගොවි මහත්වරුන්ට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළකරමින්, මෙම ජනසටන රැළිය වෙනුවෙන් අනුරාධපුරයේ ජනතාව පැමිණ සිටින බවයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...