සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් බලු ප්‍රශ්නයකට තම මුහුනු පොත හරහා මැදිහත් වීම නිසා සෞදිය මරණ දණ්ඬනය පනවා ඇතැයි වාර්තා වෙයි. මේ කතාවේ මුලට ගියහොත් කුමන සහ යාල හරහා කතරගම දේවාලයට පැමිණෙන ඓතිහාසික පාගමනට එකතුවූ බල්ලෙක් අරඹයා දෙපිරිසක් අතර මුහුනු පොතේ හටගත් සංවාදයක් අවසන ශිව දෙවියන්ට සහ අල්ලාට අපහාස කරන තැනකට වැටී ඇත. එහි අවසන් ප්‍රතිපලය එය ශිවගේ පාර්ශවයෙන් මැදහත් වූ අනෝජන්ට මුලින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වීමය. අවසානයේ එම දඬුවම ලිහිල් කරගැනීම සඳහා අනෝජන්ගේ නීතිඥයන් සෞදි අධිකරණයට අභියාචනය කර ඇති අතර එහි ප්‍රථිපලය වී ඇත්තේ, මරණ දඬුවම නියම කිරීමය.
2026 සැප්තැම්බර් 19දා වනවිට අනෝජන්ට මරණ දඬුවම නියම කළ බව සඳහන් සෞදි අධිකරණයේ ලිඛිත තීන්දුව තවමත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබී නැත. එබැවින් මරණ දඬුවම නියම වී ඇති බව මේ මොහොතේ නිල ලිඛිත ලේඛනයකින් තහවුරු කළ නොහැක. එහෙත් අදාළ අධිකරණ ක්‍රියාවලියට සහභාගි වූ අනෝජන්ගේ නීතිඥයා, දඬුවම මරණ දඬුවම දක්වා වැඩි කර ඇති බව රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාචිකව දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ තහවුරු කර තිබේ.
සෞදි වාර්තාවලට අනුව අනෝජන් සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රජාවන් අතර ඇතිවූ සමාජ මාධ්‍ය සංවාදයකට සම්බන්ධ වී මුහුනුපොත ඔස්සේ අදහසක් පළ කර තිබේ. එය ඉස්ලාම් ආගම සහ මුහම්මද් නබිතුමා අපහාසයට ලක්කරන ප්‍රකාශයක් ලෙස සෞදි බලධාරීන් විසින් සලකා ඇති බව වාර්තා වේ.
අනෝජන්ගේ පවුලේ පාර්ශ්වය සඳහන් කරන ආකාරයට අනෝජන් පසුව එම ප්‍රකාශය ඉවත් කර වීඩියෝවක් මගින් සමාව ඉල්ලා ඇත. හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රිද සිය ප්‍රසිද්ධ ප්‍රකාශයේදී එම කරුණ අවධාරණය කර තිබේ.
2026 ජූලි 15 දා සෞදි අරාබියේ Al-Ahsa අපරාධ අධිකරණය අනෝජන්ට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කළ බව ඔහුගේ පවුලට යොමු කළ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ ලිපියක් උපුටා දක්වමින් වාර්තා වී තිබේ.
සෞදි අරාබියේ Anti-Cyber Crime Law හි Article 6 අනුව අන්තර්ජාලය හරහා මහජන සාමය, ආගමික වටිනාකම්, මහජන සදාචාරය හෝ පෞද්ගලිකත්වයට හානි කරන අන්තර්ගතයක් නිෂ්පාදනය කිරීම, සකස් කිරීම, යැවීම හෝ ගබඩා කිරීම සඳහා නියම කළ හැකි උපරිම දඬුවම වසර පහක සිරදඬුවම සහ රියාල් මිලියන තුනක දඩයකි.
එනම් අනෝජන්ට පළමුව නියම වූ බව කියන වසර 5ක සිරදඬුවම සහ සෞදි රියාල් මිලියන 3 යන දඬුවම එම නීතියේ සඳහන් උපරිම සීමාව සමඟ හරියටම ගැළපේ.
අභියාචනයෙන් දඬුවම අඩු වෙනවා වෙනුවට මරණ දඬුවමක්?
පළමු තීන්දුවට එරෙහිව අනෝජන්ගේ නීතිඥයා 2026 අගෝස්තු 25 දා සෞදි අරාබියේ Eastern Region හි අදාළ අභියාචනාධිකරණයට අභියාචනා ලේඛනය ඉදිරිපත් කර තිබේ. එහි අරමුණ වූයේ දඬුවම අඩුකර ගැනීමයි. එහෙත් සැප්තැම්බර් 17 දා අභියාචනය සම්බන්ධයෙන් ලැබුණු තීරණයෙන් දඬුවම අඩුවීම වෙනුවට මරණ දඬුවම දක්වා වැඩිවී ඇති බව අනෝජන්ගේ නීතිඥයා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාචිකව දැනුම් දී තිබේ.
මෙතැනදී මතුවන ප්‍රධාන නීතිමය ප්‍රශ්නය වන්නේ, පළමු දඬුවම Anti-Cyber Crime Law හි Article 6 යටතේ නම්, එහි උපරිම දඬුවම වසර පහ සහ රියාල් මිලියන තුනක් වන විට මරණ දඬුවමක් දක්වා එය වැඩි වූයේ කුමන නීතිමය පදනමක් මතද යන්නයි. ඒවා විමසීම සහ ඒ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව් කටයුතු කිරීම ආණ්ඩුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීමය. එය ඉටුවෙනු ඇතැයි අප සිතමු.
සෞදි නීති පද්ධතිය තුළ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම දක්වා දඬුවම් ලබාදීමට නීතිමය ඉඩ පවතින බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ වාර්තා දත්ත සඳහන් කරයි. එමෙන්ම සෞදි අධිකරණ පද්ධතියේ අභියාචනයකදී පළමු තීන්දුවට වඩා දැඩි දඬුවමක් නියම වූ අවස්ථාද තිබෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. එහෙත් අනෝජන්ගේ නඩුවේදී එවැනි නීතිමය පදනමක් භාවිත කර තිබේදැයි ලිඛිත තීන්දුව නොමැතිව ප්‍රකාශ කළ නොහැක.
සෞදි මාධ්‍ය නිහඬයි
අනෝජන්ගේ නම සහ මෙම නඩුව සම්බන්ධයෙන් Saudi Press Agency (SPA), Saudi Gazette, Al Riyadh සහ අනෙකුත් සෞදි අරාබි ප්‍රධාන මාධ්‍ය මූලාශ්‍ර පරීක්ෂා කිරීමේදී, ඔහුට මරණ දඬුවම නියම කළ බව තහවුරු කරන වාර්තාවක් සොයාගත නොහැකි විය. මෙය සාමාන්‍යයෙන් සෞදි මාධ්‍ය එවැනි නඩු වාර්තා නොකරන නිසා යැයි කියන්නටද සාක්ෂි නැත. උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය හරහා ආගමික වටිනාකම් සහ මහජන සදාචාරයට අපහාස කළ බවට චෝදනා කරමින් සැප්තැම්බර් 2 දා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් සිද්ධිය Saudi Gazette වාර්තා කර තිබේ. ඒ නිසා දැනට නිවැරදිව කිව හැක්කේ අනෝජන්ට මරණ දඬුවම නියම වූ බව ඔහුගේ නීතිඥයා වාචිකව දැනුම් දී තිබුණත් එය තහවුරු කරන සෞදි අධිකරණ ලිඛිත තීන්දුවක් හෝ සෞදි රජයේ නිල නිවේදනයක් මේ දක්වා ප්‍රසිද්ධියේ හමු වන්නේ නැත යන්නයි. එහෙත් අප මේ පිළිබඳව නිහඬව සිටිය යුතු නැත. මේ පිළිබඳව කටයුතු කළ යුතුය. මෙහිදී ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට ද විශාල යුතුකමක් තිබෙයි. ඔවුන් සෞදි තානාපති කාර්යාලයෙන් මේ දඬුවම ලිහිල්කරන්න යැයි ඉල්ලා සිටිය යුතුය.
ශ්‍රී ලංකා රජය දැන් කරන්නේ කුමක්ද?
විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව කොළඹ සෞදි තානාපති කාර්යාලයේ Chargé d’Affaires සමඟද මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකා රජයේ සහ අනෝජන්ගේ පවුලේ දැඩි කනස්සල්ල සෞදි පාර්ශ්වයට දැනුම් දී තිබේ. තවත් වැදගත් කරුණක් ඇත. අනෝජන්ගේ නීතිඥයා පවසා ඇත්තේ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ‘මාසයක් ඇතුළත සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්’ ඉදිරිපත් කළ හැකි බවයි. ඒ අනුව පවුල සමඟ සම්බන්ධීකරණයෙන් එම අභියාචනය ඉදිරිපත් කිරීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.
එහෙත් මෙම අභියාචන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දේශපාලන ප්‍රශ්න මතුවී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් ප්‍රකාශ කර ඇත්තේ පළමු දඬුවමට එරෙහිව අභියාචනය කිරීම සම්බන්ධයෙන් පවුලට ලබාදුන් උපදෙස් සහ කොන්සියුලර් ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලිය යුතු බවයි. ඔහුට අනුව පවුල නීති ගාස්තු ලෙස රුපියල් 1,890,766ක් ගෙවා තිබේ. මෙම කරුණු රාසමාණික්කම් විසින් ඉදිරිපත් කරන චෝදනා වන අතර ඒවා වෙනම නිල විමර්ශනයකින් තහවුරු කළ යුතුය.
මේ අතර සැප්තැම්බර් 18 රාත්‍රියේ ඕල්ඩ් සිලෝන් මක්කල් කොංග්‍රස් නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, කල්මුණේ නට්පිටිමුනෙයිහි අනෝජන්ගේ නිවසට ගොස් ඔහුගේ මව, සහෝදරයන් ඇතුළු පවුලේ සාමාජිකයන් හමුවී තිබේ.
බදියුදීන්ගේ මාධ්‍ය ඒකකයට අනුව, ශ්‍රී ලංකාවේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්කර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞදි රජු වෙත හදිසි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඔහු අදහස් කරයි. මේ සඳහා All Ceylon Jamiyyathul Ulama සංවිධානයේ මැදිහත්වීමද ඉල්ලා සිටීමට ඔහු බලාපොරොත්තු වෙයි. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ශානක්‍යන් රාසමාණික්කම් සහ මනෝ ගනේෂන් තමන් සමඟ මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් සාකච්ඡා කළ බවද බදියුදීන් පවසා ඇත. හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රිද සෞදි බලධාරීන්ගෙන් අනෝජන්ට සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටී. එහෙත් ඔහුද පැහැදිලිව සඳහන් කරන්නේ මරණ දඬුවම පිළිබඳ නිල ලිඛිත තහවුරු කිරීම තවම ලැබී නොමැති බවයි.
කෙසේ හෝ දැන් අවසන වහා වහා ශ්‍රී ලංකා රජය සහ මුස්ලිම් ප්‍රජාව මීට මැදහත්ව සෞදි රජු වෙත හදිස්සි ඉල්ලීමක් සිදු කළ යුතුය. අනෙක් පැත්තෙන් මේ මේලේච්චත්වයට විරුද්ධව සෞදි තානාපති කාර්‍යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්විය යුතුය. අවසානයේ දැන් උද්ගතව තිබෙන්නේ කාලය සමඟ කරන සටනක් ය. සෞදිය වැනි රටවල තිබෙන මනුෂ්‍යත්වයට සහ මානව නිදහසට පටහැනි තිරිසන් නීති ඉදිරියේ එම සටනට ජයග්‍රහනය අත්වෙනු ඇත්දැයි සිතීමත් දුෂ්කර බවද ලිවිය යුතුය.
-කේ. සංජීව-
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් කාලය සමඟ සටන් කරමු – සෞදි මරණ දඬුවමේ ඇත්ත කතාව කුමක්ද?
සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් බලු ප්‍රශ්නයකට තම මුහුනු පොත හරහා මැදිහත් වීම නිසා සෞදිය මරණ දණ්ඬනය පනවා ඇතැයි වාර්තා වෙයි. මේ කතාවේ මුලට ගියහොත් කුමන සහ යාල හරහා කතරගම දේවාලයට පැමිණෙන ඓතිහාසික පාගමනට එකතුවූ බල්ලෙක් අරඹයා දෙපිරිසක් අතර මුහුනු පොතේ හටගත් සංවාදයක් අවසන ශිව දෙවියන්ට සහ අල්ලාට අපහාස කරන තැනකට වැටී ඇත. එහි අවසන් ප්‍රතිපලය එය ශිවගේ පාර්ශවයෙන් මැදහත් වූ අනෝජන්ට මුලින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වීමය. අවසානයේ එම දඬුවම ලිහිල් කරගැනීම සඳහා අනෝජන්ගේ නීතිඥයන් සෞදි අධිකරණයට අභියාචනය කර ඇති අතර එහි ප්‍රථිපලය වී ඇත්තේ, මරණ දඬුවම නියම කිරීමය.
2026 සැප්තැම්බර් 19දා වනවිට අනෝජන්ට මරණ දඬුවම නියම කළ බව සඳහන් සෞදි අධිකරණයේ ලිඛිත තීන්දුව තවමත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබී නැත. එබැවින් මරණ දඬුවම නියම වී ඇති බව මේ මොහොතේ නිල ලිඛිත ලේඛනයකින් තහවුරු කළ නොහැක. එහෙත් අදාළ අධිකරණ ක්‍රියාවලියට සහභාගි වූ අනෝජන්ගේ නීතිඥයා, දඬුවම මරණ දඬුවම දක්වා වැඩි කර ඇති බව රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාචිකව දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ තහවුරු කර තිබේ.
සෞදි වාර්තාවලට අනුව අනෝජන් සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රජාවන් අතර ඇතිවූ සමාජ මාධ්‍ය සංවාදයකට සම්බන්ධ වී මුහුනුපොත ඔස්සේ අදහසක් පළ කර තිබේ. එය ඉස්ලාම් ආගම සහ මුහම්මද් නබිතුමා අපහාසයට ලක්කරන ප්‍රකාශයක් ලෙස සෞදි බලධාරීන් විසින් සලකා ඇති බව වාර්තා වේ.
අනෝජන්ගේ පවුලේ පාර්ශ්වය සඳහන් කරන ආකාරයට අනෝජන් පසුව එම ප්‍රකාශය ඉවත් කර වීඩියෝවක් මගින් සමාව ඉල්ලා ඇත. හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රිද සිය ප්‍රසිද්ධ ප්‍රකාශයේදී එම කරුණ අවධාරණය කර තිබේ.
අභියාචනයෙන් දඬුවම අඩු වෙනවා වෙනුවට මරණ දඬුවමක්?
පළමු තීන්දුවට එරෙහිව අනෝජන්ගේ නීතිඥයා 2026 අගෝස්තු 25 දා සෞදි අරාබියේ Eastern Region හි අදාළ අභියාචනාධිකරණයට අභියාචනා ලේඛනය ඉදිරිපත් කර තිබේ. එහි අරමුණ වූයේ දඬුවම අඩුකර ගැනීමයි. එහෙත් සැප්තැම්බර් 17 දා අභියාචනය සම්බන්ධයෙන් ලැබුණු තීරණයෙන් දඬුවම අඩුවීම වෙනුවට මරණ දඬුවම දක්වා වැඩිවී ඇති බව අනෝජන්ගේ නීතිඥයා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාචිකව දැනුම් දී තිබේ.
මෙතැනදී මතුවන ප්‍රධාන නීතිමය ප්‍රශ්නය වන්නේ, පළමු දඬුවම Anti-Cyber Crime Law හි Article 6 යටතේ නම්, එහි උපරිම දඬුවම වසර පහ සහ රියාල් මිලියන තුනක් වන විට මරණ දඬුවමක් දක්වා එය වැඩි වූයේ කුමන නීතිමය පදනමක් මතද යන්නයි. ඒවා විමසීම සහ ඒ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව් කටයුතු කිරීම ආණ්ඩුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීමය. එය ඉටුවෙනු ඇතැයි අප සිතමු.
සෞදි නීති පද්ධතිය තුළ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම දක්වා දඬුවම් ලබාදීමට නීතිමය ඉඩ පවතින බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ වාර්තා දත්ත සඳහන් කරයි. එමෙන්ම සෞදි අධිකරණ පද්ධතියේ අභියාචනයකදී පළමු තීන්දුවට වඩා දැඩි දඬුවමක් නියම වූ අවස්ථාද තිබෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. එහෙත් අනෝජන්ගේ නඩුවේදී එවැනි නීතිමය පදනමක් භාවිත කර තිබේදැයි ලිඛිත තීන්දුව නොමැතිව ප්‍රකාශ කළ නොහැක.
සෞදි මාධ්‍ය නිහඬයි
අනෝජන්ගේ නම සහ මෙම නඩුව සම්බන්ධයෙන් Saudi Press Agency (SPA), Saudi Gazette, Al Riyadh සහ අනෙකුත් සෞදි අරාබි ප්‍රධාන මාධ්‍ය මූලාශ්‍ර පරීක්ෂා කිරීමේදී, ඔහුට මරණ දඬුවම නියම කළ බව තහවුරු කරන වාර්තාවක් සොයාගත නොහැකි විය. මෙය සාමාන්‍යයෙන් සෞදි මාධ්‍ය එවැනි නඩු වාර්තා නොකරන නිසා යැයි කියන්නටද සාක්ෂි නැත. උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය හරහා ආගමික වටිනාකම් සහ මහජන සදාචාරයට අපහාස කළ බවට චෝදනා කරමින් සැප්තැම්බර් 2 දා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් සිද්ධිය Saudi Gazette වාර්තා කර තිබේ. ඒ නිසා දැනට නිවැරදිව කිව හැක්කේ අනෝජන්ට මරණ දඬුවම නියම වූ බව ඔහුගේ නීතිඥයා වාචිකව දැනුම් දී තිබුණත් එය තහවුරු කරන සෞදි අධිකරණ ලිඛිත තීන්දුවක් හෝ සෞදි රජයේ නිල නිවේදනයක් මේ දක්වා ප්‍රසිද්ධියේ හමු වන්නේ නැත යන්නයි. එහෙත් අප මේ පිළිබඳව නිහඬව සිටිය යුතු නැත. මේ පිළිබඳව කටයුතු කළ යුතුය. මෙහිදී ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට ද විශාල යුතුකමක් තිබෙයි. ඔවුන් සෞදි තානාපති කාර්යාලයෙන් මේ දඬුවම ලිහිල්කරන්න යැයි ඉල්ලා සිටිය යුතුය.
ශ්‍රී ලංකා රජය දැන් කරන්නේ කුමක්ද?
විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව කොළඹ සෞදි තානාපති කාර්යාලයේ Chargé d’Affaires සමඟද මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකා රජයේ සහ අනෝජන්ගේ පවුලේ දැඩි කනස්සල්ල සෞදි පාර්ශ්වයට දැනුම් දී තිබේ. තවත් වැදගත් කරුණක් ඇත. අනෝජන්ගේ නීතිඥයා පවසා ඇත්තේ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ‘මාසයක් ඇතුළත සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්’ ඉදිරිපත් කළ හැකි බවයි. ඒ අනුව පවුල සමඟ සම්බන්ධීකරණයෙන් එම අභියාචනය ඉදිරිපත් කිරීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.
එහෙත් මෙම අභියාචන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දේශපාලන ප්‍රශ්න මතුවී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් ප්‍රකාශ කර ඇත්තේ පළමු දඬුවමට එරෙහිව අභියාචනය කිරීම සම්බන්ධයෙන් පවුලට ලබාදුන් උපදෙස් සහ කොන්සියුලර් ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලිය යුතු බවයි. ඔහුට අනුව පවුල නීති ගාස්තු ලෙස රුපියල් 1,890,766ක් ගෙවා තිබේ. මෙම කරුණු රාසමාණික්කම් විසින් ඉදිරිපත් කරන චෝදනා වන අතර ඒවා වෙනම නිල විමර්ශනයකින් තහවුරු කළ යුතුය.
කෙසේ හෝ දැන් අවසන වහා වහා ශ්‍රී ලංකා රජය සහ මුස්ලිම් ප්‍රජාව මීට මැදහත්ව සෞදි රජු වෙත හදිස්සි ඉල්ලීමක් සිදු කළ යුතුය. අනෙක් පැත්තෙන් මේ මේලේච්චත්වයට විරුද්ධව සෞදි තානාපති කාර්‍යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්විය යුතුය. අවසානයේ දැන් උද්ගතව තිබෙන්නේ කාලය සමඟ කරන සටනක් ය. සෞදිය වැනි රටවල තිබෙන මනුෂ්‍යත්වයට සහ මානව නිදහසට පටහැනි තිරිසන් නීති ඉදිරියේ එම සටනට ජයග්‍රහනය අත්වෙනු ඇත්දැයි සිතීමත් දුෂ්කර බවද ලිවිය යුතුය.
-කේ. සංජීව-
23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට
බැසිල් කුදලන් එයිද?
අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?
අනෝජන්ට මරණ දඬුවම අරං දුන් මුග්ධ අභියාචනාව
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් කාලය සමඟ සටන් කරමු – සෞදි මරණ දඬුවමේ ඇත්ත කතාව කුමක්ද?
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට එරෙහිව Fair Comment නඟන බරපතළ චෝදනා මොනවාද?
පිළිතුරු ලබාදීමේ අයිතිය
මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.
www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.
ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..
ඊමේල් – editor@knews.lk
නවතම පුවත්