අධිකරණයේ ස්වාධීනත්වය කෙළසන 22, අද විවාදයට

22 news knews 1

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පසුගිය දා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර‍යක් පමණක් ප්‍රමාණවත් බවත් ය.

එලෙසම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව අද (24) සහ හෙට (25) දිනයේ මෙම ව්‍යවස්ථා සංශෝධනයට සහ පනත් කෙටුම්පතට අදාළ විවාදය පැවැත්වෙන අතර, හෙට පස්වරුවේ ඡන්දය විමසා සම්මත කරගන්නට නියමිතය.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විනිසුරු සංගම් ඇතුලු පුලුල්ව නීති ප්‍රජාව සිය විරෝධය දැක්වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ බහුතරය ද මෙම ව්‍යවස්ථා සංශෝධනයට සිය විරෝධය දක්වා ඇත.

මේ අතර මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වා අද දින සජබ විසින් පොල්දූව හන්දියේ විරෝධතාවයක් සංවිධානය කර ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

22ට එරෙහිව විශාල ජනතාවක් වැස්සත් නොතකා පාර්ලිමේන්තුව ඉදිරියට

සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ 22ට එරෙහි 24 විරෝධතාවයට අයහපත් කාලගුණ තත්ත්වයත් නොතකා විශාල ජනතාවක් සහභාගි වී ඇතැයි වාර්තා වෙයි. අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කර, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර දමා රට...

ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම ගැන කතා කරන්න රාසමාණික්කම් ජනපතිගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි

සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දී සිටින 26 හැවිරිදි ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම සහ ඔහුව නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ හදිසි...

අධිකරණයේ ස්වාධීනත්වය කෙළසන 22, අද විවාදයට

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ...