සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ 22ට එරෙහි 24 විරෝධතාවයට අයහපත් කාලගුණ තත්ත්වයත් නොතකා විශාල ජනතාවක් සහභාගි වී ඇතැයි වාර්තා වෙයි.
අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කර, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර දමා රට ඒකාධිපති ක්‍රමයකට රැගෙන යන්නට වර්තමාන පාලකයින් උත්සාහ ගනිමින් ඇතැයි මෙයට සහභාගි වූ සජබ ප්‍රබලයන් පැවසීය.
ඔවුන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ අද සහ හෙට විවාදයට ගෙන සම්මත කරන්නට නියමිත 22 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව පුළුල් ජන සටනක් ක්‍රියාත්මක කරන බවය.





