ශ්‍රී ලංකාවේ මංගල උත්සව, පෞද්ගලික උත්සව සහ ඩීජේ වැඩසටහන්වල සංගීතය භාවිත කිරීම සඳහා හඳුන්වා දුන් නව කොපිරයිට් බලපත්‍ර ක්‍රමය සම්බන්ධයෙන් පසුගිය සති දෙක තුළ මතුවූ මහජන විරෝධය දැන් තවත් වැදගත් තැනකට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ හා ප්‍රකාශකයන්ගේ සංගමය හෙවත් ඒසීපීඕඑස්එල් ආයතනය සැප්තැම්බර් 27 වනදා මංගල උත්සව, පෞද්ගලික සාද සහ ඩීජේ වැඩසටහන් සඳහා අදාළ බලපත්‍ර ගාස්තු තාවකාලිකව අත්හිටුවා තිබේ. අවසන් තීරණය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාජික මහ සභාවේදී ගැනීමට නියමිත බවත්, ස්ථිර වෙනසක් සඳහා සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය බවත් කියයි. ඩීජේ සම්බන්ධ බලපත්‍ර ක්‍රමය අත්හිටුවීම ඉන්ටර්නැෂනල් රයිට්ස් අරේන්ජ්මන්ට්ස් පිළිබඳ සාකච්ඡා හේතුවෙන්ද සිදුවන බව ඒසීපීඕඑස්එල් පාර්ශ්වයෙන් පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොපිරයිට් ආරක්ෂා කිරීම අවශ්‍යද?
ඔව් ඊට පිළිතුර නිසැකවම අවශ්‍යයි යන්නයි. නමුත් කොපිරයිට් ආරක්ෂා කිරීමේ නාමයෙන් ගාස්තු ක්‍රමයක් නිර්මාණය කළ විට එම ගාස්තුව කොතරම්ද, කාගෙන්ද, කුමන භාවිතයකටද, එය එකතු කරන්නේ කෙසේද සහ අවසානයේ එම මුදල සැබෑ නිර්මාණකරුවන් වෙත බෙදා දෙන්නේ කෙසේද? යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු බෙහෙවින් වැදගත් ය.
මෙහිදී අපි මුලින්ම මෙම ආයතනය පිළිබඳව අප දන්නා තොරතුරු ප්‍රකාශ කරමින් ඉදිරියට යමු. ඒසීපීඕඑස්එල් යනු රජයේ දෙපාර්තමේන්තුවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ලියාපදිංචි කළ කලෙක්ටිව් මැනේජ්මන්ට් ඕගනයිසේෂන් එකකි. නිපෝ ආයතනය විසින්ද ඒසීපීඕඑස්එල් සංගීත නිර්මාණකරුවන්, පද රචකයන් සහ මියුසික් පබ්ලිෂර්ස් වෙනුවෙන් ක්‍රියා කරන සීඑම්ඕ එකක් ලෙස ලැයිස්තුගත කර ඇත. පර්ෆෝමර්ස් සඳහා ඔස්කා නම් වෙනත් රෙජිස්ටර්ඩ් සීඑම්ඕ එකක්ද අනතර්ජාතික නිපෝ ආයතනයේ ලැයිස්තුගත කර තිබේ.
එනිසා ඒසීපීඕඑස්එල් එකතු කරන මුදල රජයේ බද්දක් ලෙස හැඳින්වීම නීතිමය වශයෙන් නිවැරදි නොවේ. එය සරළවම කොපිරයිට් ලයිසන්ස් එකකට අදාළ රෝයල්ටි එකකි. නැතිනම් කෙටියෙන්ම කියනවා නම් කර්තෘ භාගයකි.
එහෙනම් මහජන අවධානය වැඩක් නැද්ද?
රජයේ බද්දක් නොවන නිසා එම ගාස්තුව පිළිබඳ මහජන පරීක්ෂාව හෝ අවධානය අවශ්‍ය නැතිද? එහෙම දෙයක් නැත. අප මෙය සමාජයක් ලෙස සාකච්ඡාවට බදුන් කල යුතුය. 2003 පනතේ 25 වැනි වගන්තිය අනුව කලෙක්ටිව් සොසයිටි එකකට ලයිසන්ස් නිකුත් කිරීම, ලයිසන්ස් ෆීස් එකතු කිරීම සහ ඒවා රයිට්ස් ඕනර්ස්ලා අතර බෙදාදීමේ කාර්යය කළ හැකිය.
ඒ සඳහා එම සොසයිටිය රයිට්ස් ඕනර්ස්ගේ කලෙක්ටිව් කන්ට්‍රෝල් යටතේ පැවතිය යුතු අතර, කලෙක්ෂන් සහ ඩිස්ට්‍රිබියුෂන් ප්‍රොසීඩියර්ස් සඳහා අනුමැතිය ලබාගත යුතුය. වැදගත්ම කරුණක් වන්නේ, බෙදාහරින මුදල් හැකි තාක් දුරට නිර්මාණ සැබෑ ලෙස භාවිත වූ ප්‍රමාණයට සමානුපාතිකව බෙදාදිය යුතු බව පනතේ සඳහන් වීමයි. ඩිරෙක්ටර්-ජෙනරල් හට සොසයිටි එකේ රෙකෝඩ්ස් සහ රිපෝට්ස් පරීක්ෂා කිරීමටද බලය තිබේ. ඒ අනුව මේ කර්තෘ භාග කතාව රාජ්‍යය නියාමනයට යටත් ය. එය අහසින් පාත්වුණ සංකල්පයක් නොවෙන බව කිවයුතුය. එහෙත් වර්තමාන ආණ්ඩුව සහ බලධාරීන් ඇස්-කන් වසා සිටින සෙයක් පෙනෙයි. මුදල් එකතු කිරීම පමණක් නොව, එය නිවැරදි නිර්මාණකරුවා වෙත නිවැරදි ආකාරයෙන් ගෙන යාම මෙන්ම සාධාරණ අය කිරීමක් සිද්ධ කිරීම ද මෙම කොපිරයිට් කලෙක්ටිව් මැනේජ්මන්ට් එකේ හරය බව මේ සංගමයට සහ ආණ්ඩුවට මතක් කළ යුතුය.
ශ්‍රී ලංකා නීතිය ඇත්තටම කියන්නේ කුමක්ද?
ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනතේ 9 වැනි වගන්තිය කොපිරයිට් හිමිකරුට තම කෘතියේ පබ්ලික් පර්ෆෝමන්ස් සහ කමියුනිකේෂන් ටු ද පබ්ලික් පාලනය කිරීමට එක්ස්ක්ලූසිව් රයිට් එකක් ලබාදී ඇත.
එමෙන්ම “පබ්ලික් පර්ෆෝමන්ස්” යන්නට පවුලේ සාමාන්‍ය සමාජ වටයෙන් සහ ඉතා සමීප හිතවතුන්ගෙන් පිටත පුද්ගලයන් සිටිය හැකි ස්ථානයක සවුන්ඩ් රෙකෝඩින්ග් එකක් පවා ඇතුලත් ය. ඒ නිසා “මංගල උත්සවයක් නිසා කොපිරයිට් අදාළ නැහැ” යන සරල නීතිමය තර්කය ශ්‍රී ලංකා නීතියට වලංගු නැත. නමුත් ඒකෙන් ඕනෑම මංගල උත්සවයකට ඕනෑම මුදලක් අය කළ හැකිය යන්න ප්‍රකාශ නොවෙන බවද කිවයුතුය.
මෙහිදී කෘතිය කාගේද?, එය ඒසීපීඕඑස්එල් රෙපටුවා එකේද?, භාවිතය පබ්ලික් පර්ෆෝමන්ස් එකක්ද?, ඉවෙන්ට් එක කමර්ෂල් ද?, කුමන රයිට්ස් එක භාවිත වෙනවාද?, සවුන්ඩ් රෙකෝඩින්ග් එකේ රයිට්ස් සහ මියුසිකල් වර්ක් එකේ රයිට්ස් දෙකම අදාළද?, එකතු කරන මුදල සැබෑ භාවිතය අනුව බෙදන්නේ කෙසේද? යන්න සලකා බැලෙයි.
එවිට ඒසීපීඕඑස්එල් ගාස්තු කොපමණද?
දැන් අපිට ඒසීපීඕඑස්එල් යෝජනා කරන ගාස්තු ලේඛනය වෙත යා හැකිය. මෙම ගාස්තු ක්‍රමය යෝජනා කරන එම සංවිධානය ප්‍රකාශ කරන්නේ, බලපත්‍රය ඉවෙන්ට් එකට දින 14කට පෙර ලබාගත යුතු බවය.
වාර්තා වූ ව්‍යුහය මෙසේය:
| උත්සව වර්ගය | 100ට අඩු | 100–300 | 300ට වැඩි |
|---|---|---|---|
| DJ event | රු.20,000 | රු.30,000 | රු.40,000 |
| Live music | රු.25,000 | රු.35,000 | රු.50,000 |
| Private/Corporate DJ | රු.25,000 | රු.40,000 | රු.50,000 |
| Private/Corporate Live/Hybrid | රු.50,000 | රු.75,000 | රු.125,000 |
“ගීතයකට රු.10,000” කතාවේ සැබෑ තත්ත්වය
2026 ජූනි 5 දින නිකුත් කළ ඒසීපීඕඑස්එල් ලයිසන්සිං ටැරිෆ් ෆ්රේම්වර්ක් එකේ කොන්සර්ට් සම්බන්ධ ප්‍රොවිෂන්ස් තිබෙන අතර, “පර් මියුසිකල් වර්ක්” ආකාරයේ උපරිම ගාස්තු සංකල්පයක් පවතින බවට වාර්තා වී තිබේ. නමුත් එයින් සෑම ඩීජේ ඉවෙන්ට් එකකම ගීතයකට රු.10,000 බැගින් අය කරනවා යන්න නිගමනය කළ නොහැකිය. සාමාන්‍ය ඩීජේ සහ ලයිව් ඉවෙන්ට්ස් සඳහා පසුව වාර්තා වූ ගාස්තු ඕඩියන්ස් කැපෑසිටි මත පදනම් වූ ෆික්ස්ඩ් ඉවෙන්ට් ෆීස් එකක් බව දැනගන්නට ඇත. එබැවින්, ගීත 20ක් සඳහා එක ගීතයකට රු.10,000ක් බැගින් රු.200,000ක් අයකරනවා යන්න සහ ඒ නිසා සෑම අවුට්ඩෝර් කොන්සර්ට් එකකින්ම රු.200,000 ගන්නවා යන්න නිවැරදි නැති බව කිවයුතුය. එහෙත් සැබෑව මෙම තත්ත්වයන් පිළිබඳව තවමත් මෙම සංවිධානයේ මතයද පැහැදිලි නැති වීමයි. කෙසේ වෙතත්, කොන්සර්ට් ටැරිෆ් එකේ වර්ක්-බයි-වර්ක් චාජිං මෙකැනිසම් එක තිබේ නම් එය ගීත හඳුනාගැනීම, සෙට් ලිස්ට්ස්, රිපෝටිං, සහ රෝයල්ටි ඩිස්ට්‍රිබියුෂන් පිළිබඳ ප්‍රශ්න මතු කරන බව සැබෑය.
දැන් ජාත්‍යන්තරය දෙස බලමු
“ලෝකයේ කිසිම රටක ප්‍රයිවට් ෆන්ක්ෂන්ස් සඳහා මියුසික් ලයිසන්ස් ගාස්තු අය කරන්නේ නැහැ” යන ප්‍රකාශය සත්‍ය නොවෙන බව මුලින්ම කිවයුතුය. ඒ වගේම “ඉන්දියාව, ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සියල්ලේම එකම පර්සෙන්ටේජ් මොඩල් එකක් තිබෙනවා” කියන අදහසත් නිවැරදි වන්නේ නැත. සෑම රටකම ක්‍රමය වෙනස්ය. එය ඔවුන්ට ඔවුන්ගේ රටේ මිනිසුන්ගේ ආර්ථික සමාජීය තත්ත්වයන්ට අනුරූපව නිර්මානය කරගෙන ඇත. එනිසා හිතූ හිතූ ගනන් අයකරන සම්ප්රදායක් ලෝකයේ කොහේවත් නැත.
ඉන්දියාව
ඉන්දියාවේ කොපිරයිට් ඇක්ට් හි සෙක්ෂන් 52(1)(ඉසෙඩ් ඒ) යටතේ බොන ෆයිඩ් රිලිජස් සෙරමනි (bona fide religious ceremony) තුළ මියුසිකල් වර්ක්ස් සහ සවුන්ඩ් රෙකෝඩින්ග්ස් භාවිතය ඉන්ෆ්රින්ජ්මන්ට් (infringement) එකක් නොවන බව පැහැදිලිව සඳහන් වේ. ඒ සඳහා මැරේජ් ප්රොසෙෂන් සහ මැරේජ්-රිලේටඩ් සෝෂල් ෆෙස්ටිවිටීස් ද ඇතුළත් බව ඉන්ඩියන් කොපිරයිට් ඔෆිස් නිල වශයෙන් පැහැදිලි කර තිබේ.
අයිපීආර්එස් (IPRS) තමන්ගේ නිල වෙබ්සයිට් එකේද මැරේජ් ප්රොසෙෂන් සහ මැරේජ්-රිලේටඩ් සෝෂල් ෆෙස්ටිවිටීස් සඳහා රෝයල්ටි හෝ ලයිසන්ස් ෆී අය නොකරන බවත්, අවශ්‍ය නම් ෆ්‍රී-ඔෆ්-කොස්ට් ලයිසන්ස්/එන්ඕසී ලබාදෙන බවත් පවසයි. නමුත් මෙම තත්ත්වය ඉන්දියාවේ සාමාන්‍ය තත්ත්වය නොවෙන බවද මතක තබාගත යුතුය.
ඉන්දියාවේ අයිපීආර්එස් හි ප්‍රකාශිත රෙස්ටෝරන්ට් ටැරිෆ් එකේ මෙට්‍රෝ/මේජර් සිටීස් සඳහා වාර්ෂික ගාස්තුව රු. 10,000ක් සහ නොන්-මෙට්‍රෝ සිටීස් සඳහා රු. 5,000ක් ලෙස දැක්වේ. එය බැක්ග්‍රවුන්ඩ් මියුසික් සහ ලයිව්/ඩීජේ පර්ෆෝමන්ස් සඳහා අදාළ රෙස්ටෝරන්ට් ටැරිෆ් එකකි. ඒ නිසා ඉන්දියාවේ ක්‍රමය, ඇනුවල් ලයිසන්ස් එකතු කිරීම, කැටගරි-ස්පෙසිෆික් ටැරිෆ් එකතු කිරීම මැරේජ් එක්සෙම්ප්ෂන් යන ආකාරයේ එකතුවක් බව කිවහැකිය.
එංගලන්තය
එංගලන්තයේ පබ්ලික් පර්ෆෝමන්ස් ලයිසන්සිං සඳහා පීපීඑල් පීආර්එස් හි ද මියුසික් ලයිසන්ස් ක්‍රමය පවතී. රජයේ ගව්.යූකේ පැහැදිලි කිරීම අනුව පබ්ලික් වෙනියූ එකක රෙකෝඩඩ් මියුසික් හෝ ලයිව් මියුසික් භාවිත කිරීම සඳහා සාමාන්‍යයෙන් ලයිසන්ස් අවශ්‍ය වේ. ගාස්තුව වෙනියූ එක සහ මියුසික් භාවිත කරන ආකාරය මත වෙනස් වේ.
කොන්සර්ට්ස් සඳහා පීආර්එස් හි පබ්ලිෂ්ඩ් ටැරිෆ් එකක ග්‍රොස් රිසීට්ස් මත 4.2%ක් හෝ 4% වැනි රේට්ස් පවතී.
ඇමරිකාව
ඇමරිකාවේ බීඑම්අයි වැනි පර්ෆෝමිං රයිට්ස් ඕගනයිසේෂන්ස් බිස්නස් ටයිප්, ඔකියුපන්සි, මියුසික් ටයිප් සහ ෆ්රීක්වෙන්සි වැනි සාධක මත ලයිසන්සිං ෆීස් තීරණය කරයි. බීඑම්අයි හි වර්තමාන රෙස්ටෝරන්ට්/බාර් ලයිසන්සිං ඉන්ෆොමේෂන් එකද ෆී ස්ට්‍රක්චර් එක ඔකියුපන්සි, මියුසික් ටයිප් සහ ෆ්රීක්වෙන්සි මත පදනම් වන බව සඳහන් කරයි.
හෝටල් සඳහා ලයිව් මියුසික්/එන්ටර්ටේන්මන්ට් ලයිසන්ස් ෆී එක ඇනුවල් ලයිව් එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්ඩිචර් මත ගණනය වන ක්‍රමයක් බීඑම්අයි භාවිත කරයි. මෙහි ඇති වැදගත්ම කාරණයක් වන්නේ, බීඑම්අයි ලයිව් රෝයල්ටි ඩිස්ට්‍රිබියුෂන් සඳහා වෙඩිං රිසෙප්ෂන්ස්, බර්ත්ඩේ පාර්ටීස්, සහ ඇනිවර්සරි පාර්ටීස් වැනි ඉවෙන්ට්ස් එලිජිබල් පර්ෆෝමන්සස් ලෙස නොසලකන බව බීඑම්අයි සඳහන් කිරීමයි.
ඕස්ට්‍රේලියාව
ඕස්ට්‍රේලියාවේ වන්මියුසික් ඕස්ට්‍රේලියා ක්‍රමය තවත් වෙනස් බව්ව කිවයුතුය. එහි ෆන්ක්ෂන්ස් ඇන්ඩ් ප්‍රයිවට් ඉවෙන්ට්ස් ලයිසන්ස් එක වෙඩිංස් සහ ෆෝමල්ස් පවා පැහැදිලිව ආවරණය කරයි. ෆන්ක්ෂන්, කන්වෙන්ෂන් සහ කොන්ෆරන්ස් සෙන්ටර්ස් සඳහා මියුසික් භාවිතය එම ලයිසන්ස් එක යටතේ ආවරණය කළ හැකිය.
ටිකටඩ් මියුසික් ඉවෙන්ට්ස් සඳහා ඇප්රා වර්ක්ස් සඳහා ග්‍රොස් බොක්ස් ඔෆිස් රිසීට්ස් වලින් 2.2% වැනි රේට් ස්ට්‍රක්චර්ස් එකක් පවතින අතර සවුන්ඩ් රෙකෝඩින්ග්ස් සඳහා වෙනම පර්-අටෙන්ඩී චාජර්ස් ද තිබිය හැකිය.
නවසීලන්තය
වන්මියුසික් නිව්සීලන්ඩ් හි කරන්ට් ඉවෙන්ට් ලයිසන්සිං ෆ්රේම්වර්ක් අනුව ටිකටඩ් ඉවෙන්ට් එකකට ග්‍රොස් ඇඩ්මිෂන් ෆීස් වලින් 2%ක් අය කළ හැකි අතර මිනිමම් ෆී එකක්ද තිබේ. ඇඩ්මිෂන් ෆී නැති මියුසික් පර්ෆෝමන්ස් එකකටත් ග්‍රොස් එක්ස්පෙන්ඩිචර් ඔන් ලයිව් පර්ෆෝමර්ස්වලින් 2% වැනි ක්‍රමයක් පවතී. මෙහි ඊටත් වඩා සිත්ගන්නා කරුණක් තිබේ.
2025–2026 හොස්පිටැලිටි ටැරිෆ් එකේ රෙස්ටෝරන්ට්/කැෆේ ප්‍රෙමිසස් සඳහා ඇනුවල් බැක්ග්‍රවුන්ඩ්-මියුසික් රේට්ස් සහ ඩේලි ලයිව් පර්ෆෝමර් / ඩීජේ රේට්ස් වෙන වෙනම දක්වා තිබෙනවා. උදාහරණයක් ලෙස කුඩා ප්‍රෙමිසස් එකකට ඩීජේ යූස් සඳහා දිනකට නවසීලන්ත ඩොලර් 21.86ක් වැනි රේට් එකක් දැක්වෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රමවල වැදගත්ම ලක්ෂණය, එකම ෆික්ස්ඩ් ෆී එකක් හැම තැනකටම නොව, භාවිතයේ ස්වභාවය අනුව ටැරිෆ් ඩිසයින් කිරීමයි.
ගාස්තුව සාධාරණ ලෙස ගණනය කර තිබේද?
දැන් අපිට ලංකාවේ ගාස්තු ක්‍රමය දෙසට ආ හැකිය. මහජන මතය හමුවේ පොඩ්ඩක් හැකිලුනත් ඇත්තටම මේ සංවිධානය උස් හඬින් ප්‍රකාශ කරන ගණන් මිනුම් සාධාරණද එය ලංකාවේ ආර්ථිකයට කොතරම් දුරට ඔරොත්තු දෙනවාද යන්න අපි සිතාබැලිය යුතුය. බදු ආහාරයට ගනිමින් සිටින අපේ රටේ මිනිසුන් වෙඩින් එකේ සිංදු කියනවාටත් බද්දක් ගහනවා යන ආකාරයට මේක ගත්තේ ඇයි ද යන්න මේ උගත් කලාකරුවන් සිතාබැලිය යුතුය.
රු.20,000ක් යනු දිනකට මියුසික් රෝයල්ටි එකක් ලෙස ගත් විට කුඩා උත්සවයකට විශාල බරක් විය හැකිය. විශේෂයෙන් ටිකට් ඉන්කම්එකක් නොමැති, පවුලේ උත්සවයක් වන වෙඩිං එකකදී “ග්‍රොස් බොක්ස් ඔෆිස් පර්සෙන්ටේජ්” වැනි මොඩල් එකක් නොව ෆික්ස්ඩ් ෆී එකක් තෝරාගැනීමේ ආර්ථික සාධාරණත්වය මේ සංවිධානය විසින් සහ ඔවුන්ට ඕනෑ දෙයක් කරගන්නට දී බලා සිටින රාජ්‍යය පැහැදිලි කළ යුතුය.
අනෙක් වැදගත් ප්රශ්නය මෙම කොපිරයිට් ලෝ එකේ අරමුණ නිර්මාණකරුවාට මුදල් ලබාදීම නම්, මුදල් එකතු කිරීමෙන් පසුව එය කොහේ යනවාද? යන්නයි. ඉවෙන්ට් එකේ ගීත 30ක් ප්ලේ කළේ නම් ඒවා කාගේද? ගීත 5ක් ඒසීපීඕඑස්එල් මෙම්බර් කෙනෙකුගේ නම්? ගීත 10ක් අයිපීආර්එස් රෙපටුවා එකේ නම්? ගීත 15ක් ෆොරින් රෙපටුවා එකේ නම්? එවිට ලයිසන්ස් ෆී එක බෙදෙන්නේ කෙසේද? මේවා මිනිසුන් දැනගත යුතුය. ඒවා මජනයාට දැනෙන ආකාරයට සන්නිවේදනය කිරීමේ මේ කලාකාර ව්‍යාපාරික මහතුන්ගේ සංගමයේ වැඩක් ය. එහෙත් එය වෙන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ප්‍රකාශ වන්නේ වෙඩින් එකක් කරනවා නම් මනමාලයා හෝ මනමාලිය හෝ දෙමාපියන් ගෙවිය යුතුය කියා සිනහ වීමය.
රෝයල්ටි ඩිස්ට්‍රිබියුෂන් එක ඕඩිට් කළ හැකිද?
මේක තමයි අවසාන අකවුන්ටබිලිටි ටෙස්ට් එක. වසරකට කොපමණ මුදලක් එකතු කළාද? ඇඩ්මිනිස්ට්‍රේටිව් කොස්ට්ස් කොපමණද? නීතිමය වියදම් කොපමණද? සාමාජිකයන් වෙත කොපමණ බෙදා දුන්නාද? කොපමණ නිර්මාණකරුවන්ටද?ගීතයක් කී වතාවක් ප්ලේ වූ බව හඳුනාගෙන තිබුණේ කෙසේද? මේ දත්ත පබ්ලික් රිපෝටිං එකක් ලෙස ලබා දෙනවාද? යන්න ඉතා වැදගත් බව කිවයුතුය. අපි කොපිරයිට් ආරක්ෂා කරනවා යැයි උස් හඬින් ප්‍රකාශ කළාට මදිය ආරක්ෂා කරන ආකාරය ජනතාවට පෙනීමට සැලැස්විය යුතුය.
නව ක්‍රමය පිළිබඳ වාර්තා අනුව මුල් අදියරේදී ඒසීපීඕඑස්එල් රෙපටුවා එකේ ශ්‍රී ලංකන් වර්ක්ස් සහ අයිපීආර්එස් හරහා නියෝජනය වන හින්දි/දෙමළ වර්ක්ස් සඳහා ක්‍රමය අදාළ වූ අතර, එක්ස්ක්ලූසිව්ලි ඉංග්ලිෂ් හෝ වෙනත් ෆොරින් මියුසික් භාවිත කරන ඉවෙන්ට්ස් සඳහා ලයිසන්ස් අවශ්‍ය නොවන බව සඳහන් විය. එවිට අන්ඉන්ටෙන්ඩඩ් ඉකොනොමික් ඉන්සෙන්ටිව් එකක් මතුවිය හැකිය. හෝටලයකට සිංහල මියුසික් ප්ලේ කළොත් ලයිසන්ස් ෆී එකක් ගෙවන්න වෙයි. ඉංග්ලිෂ් මියුසික් පමණක් ප්ලේ කළොත් නොගෙවිය යුතු නම්, හෝටලය සිංහල මියුසික් අඩු කර ඉංග්ලිෂ් මියුසික් වැඩි කිරීමට පෙළඹෙන්නේ නැද්ද? එය ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නිර්මාණය කළ ක්‍රමයකින්ම ඇතිවිය හැකි ප්‍රතිවිරුද්ධ ප්රතිඵලයකි.
මෙහි රජයේ වගකීම කුමක්ද?
2003 පනතේ 25 වැනි වගන්තිය අනුව ඩිරෙක්ටර්-ජෙනරල් හට සීඑම්ඕ එකක ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඕවර්සයිට් පවර්ස් තිබේ. සොසයිටි එක රයිට්ස් ඕනර්ස්ගේ අයිතිවාසිකම්වලට අහිතකර ලෙස කළමනාකරණය වන්නේ නම් රෙජිස්ට්‍රේෂන් එක සස්පෙන්ඩ්/කැන්සල් කිරීමේ බලතල පවා නීතියේ සඳහන් වේ. එබැවින් ප්රශ්නය දේශපාලන ස්ලෝගන් එකක් නොව, ඉතා සරල පරිපාලන ප්රශ්නයකි.
රටක කොපිරයිට් සිස්ටම් එක නිර්මාණකරුවා ආරක්ෂා කරන අතරම රසිකයා සහ සාමාන්‍ය ජනතාවටත් සාධාරණ විය යුතුය. ශ්‍රී ලංකාවට කොපිරයිට් ලයිසන්ස් සිස්ටම් එකක් අවශ්‍ය නැහැ කියන තැනට යාම වැරදිය. නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණවලින් සාධාරණ ආදායමක් ලැබිය යුතුය. නමුත් ඒ සඳහා වඩාත් විශ්වාසදායක සහ සාධාරණ ක්‍රමයක් ඇතිකර ගත යුතුය.
ඒ සඳහා පළමුව කමර්ෂල් යූස් සහ ජෙනුයින්ලි ප්‍රයිවට් ෆැමිලි යූස් පැහැදිලිව වෙන් කිරීම ද දෙවනුව ඉවෙන්ට් ඉන්කම්, අටෙන්ඩන්ස්, වෙනියූ සයිස්, හෝ ඇක්චුවල් මියුසික් යූස් වැනි සාධක අනුව ටැරිෆ් එකක් සකස් කිරීම කළ යුතුය. තෙවනුව කුඩා උත්සව සඳහා කන්සෙෂනරි/මිනිමම් ෆී එකක් හඳුන්වා දීම කළ යුතුය.
හතරවනුව ටිකටඩ් කොන්සර්ට්ස් සඳහා ග්‍රොස් බොක්ස්-ඔෆිස් පර්සෙන්ටේජ් මොඩල් එකක් සලකා බැලීම කළ යුතු අතර පස්වනුව සෙට් ලිස්ට්ස්, ඩිජිටල් රිපෝටිං හෝ වෙනත් තාක්ෂණික ක්‍රමයක් මගින් ගීත හඳුනාගැනීම ද හයවනුව කලෙක්ෂන්, ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්ස්පෙන්සස් සහ රෝයල්ටි ඩිස්ට්‍රිබියුෂන් පිළිබඳ වාර්ෂික ඕඩිටඩ් රිපෝට් එකක් ප්‍රසිද්ධ කිරීම සිදුකළ යුතුය.
හත්වනුව ඒසීපීඕඑස්එල් රෙපටුවා එක පබ්ලික් සර්ච් කළ හැකි ඩේටාබේස් එකක් බවට පත් කිරීම කළ යුතු අතර අවසාන වශයෙන් නිපෝ විසින් ටැරිෆ් එකේ සාධාරණත්වය, ට්‍රාන්ස්පේරන්සි සහ පබ්ලික් ඉන්ටරෙස්ට් යන කරුණු පිළිබඳ ඉන්ඩිපෙන්ඩන්ට් ඕවර්සයිට් එකක් සිදුකළ යුතුය. එය නියාමන කාර්යයට බෙහෙවින් වැදගත් ය.




