K News

Trending Now

ගවේෂණ

sri lanka illegal elephant racket investigation 2 knews

ලංකාවේ සිදුවුණු වන අලි ජාවාරම 02 – යහපාලන කාලය

පසුගිය කාලයේ හැමතැනම අලි හොරුන්ය. එකල අලි ජාවාරම නම්බුකාර හොරකමක්ය. බොහෝ දෙනෙක් කැලයෙන් අලි පැටවුන් සොරකම් කර පන්සල්වලට, දේශපාලකයන්ට, ධනවතුන්ට විකිණුවෝය. දැන් අලි පැටවකුගේ වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 60ක් බව කියන්නේ පරිසර සංවිධාන ය. පසුගිය 21 වැනි දින පැවැති මාධ්‍ය හමුවකදී පරිසරවේදී පුබුදු වීරරත්න මහතා ප්‍රකාශ කළේ පින්නවලටත් වැඩියෙන් මහරගම ප්‍රදේශයේදී අලි පැටවුන් උපත ලබන බවය.

ලංකාවේ සිදුවුණු වන අලි ජාවාරම 02 – යහපාලන කාලය Read More »

thilina gamage elephant knews

ලංකාවේ සිදුවුණ වන අලි ජාවාරම 01 – කොටුව මහේස්ත්‍රාත්ටත් හොර අලියෙක්

පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ වන අලි ජාවාරම, වර්තමාන ලෝකයේ විශාලතම වනසත්ව ජාවාරම විය හැකිය. කැලයෙන් අලි පැටවුන් අල්ලාගෙන විත් සිදුකරනු ලැබූ මෙම ජාවාරම පිළිබඳව ලියවුණ ලිපි පෙළක පළමු ලිපිය නීතියට පිටින් කැලයෙන් අලි පැටවුන් අල්ලාගෙන ධනවතුන් – දේශපාලකයන් අලි සුරතල් බැලීමේ මනදොළ සපුරාගන්නා බව පසුගිය කාලයේ මාධ්‍යයේ වැඩි ඉඩක් පැහැරගත් සිදුවීම්ය. එම සිදුවීම් දහරාවට

ලංකාවේ සිදුවුණ වන අලි ජාවාරම 01 – කොටුව මහේස්ත්‍රාත්ටත් හොර අලියෙක් Read More »

prageeth eknaligoda knews

ප්‍රගීත් ගිරිතලෙන් කොතැනටද? දුරකථනය බොරු නොකියයි – ප්‍රගීත් අතුරුදන් කිරීමේ කතාව – අවසන් කොටස

අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ වරින්වර දුරකථන අංක තුනක් භාවිත කළ බව පෙනේ. ඒ අංක නම් 077-4475523, 077-5540724 හා 077-4575078 ය. මෙහි අප අවසන්වරට ලියූ 077-4575078 අංකය ඔහු අතුරුදන් වූ 2010 ජනවාරි 24 වැනි දින භාවිත කළ දුරකථන අංකයයි. මේ දුරකථන අංකයට පැමිණි සහ එයින් පිටවූ ඇමතුම් පිළිබඳව දත්ත විශ්ලේෂණයේදී පෙනෙන්නේ මේ අංකය සමග නිරන්තරව දුරකථන

ප්‍රගීත් ගිරිතලෙන් කොතැනටද? දුරකථනය බොරු නොකියයි – ප්‍රගීත් අතුරුදන් කිරීමේ කතාව – අවසන් කොටස Read More »

prageetheknaligoda knews

මුරලිගෙන් නැවත සාක්ෂි විමසීමට අධිකරණයේ අවසරය සහ ප්‍රගීත් අතුරුදන් කිරීමේ කතාව – 2

අපට අද ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන අතුරුදන් කිරීම පිළිබඳ ලිපි පෙළේ දෙවැන්නට යා හැකිය. ඊට යම් පසුබිමක් ද මේ වනවිට සමාජ කතාබහ තුළ නිර්මානය වී ඇත. ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙන නඩුවේ හතරවෙනි සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් මුරලිගෙන් නැවත සාක්ෂි විමසීමට අධිකරණය තීරණය කිරීම එම

මුරලිගෙන් නැවත සාක්ෂි විමසීමට අධිකරණයේ අවසරය සහ ප්‍රගීත් අතුරුදන් කිරීමේ කතාව – 2 Read More »

2 5 million dollar cyber heist sri lanka knews

ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලයේ මෙතෙක් කතාව..!

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව 2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි 31 අතර කාලසීමාව තුළ අවස්ථා කිහිපයකදී වගකීම් විරහිත ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනය වෙත ගෙවීමට නියමිතව තිබූ ණය වාරිකවලට අදාළ ගෙවුම් 4ක්ම හොර ගිණුමකට බැර කර තිබුණි. සමස්ත ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක්ය. ඕස්ට්‍රේලියාවට ගෙවන්න

ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලයේ මෙතෙක් කතාව..! Read More »

krish namal knews

ක්‍රිෂ් දූෂණය – 02

ක්‍රිෂ් ගනුදෙනුව ආශ්‍රිතව පැනනැඟි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි දූෂණ චෝදනාව පිළිබඳව මෙන්ම, ඒ පිළිබඳව යහපාලන කාලයේ පරීක්ෂණ සිදුකළ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාගේ එෆ්සීඅයිඩී (FCID) ක්‍රියාකාරීත්වය පිළිබඳව ද, පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පසුව ඔහුට ‘ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ්’ (The One Transworks Square Private Limited) (මුල් සමාගම් නාමය – ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් පුද්ගලික

ක්‍රිෂ් දූෂණය – 02 Read More »

tiran alles e visa scandal exposed k investigations

ටිරාන් අලස්ගේ ඊ-වීසා කතාව මතකද?

ටිරාන් අලස් යනු ලංකාවේ කුප්‍රකට දේශපාලනඥයෙකි. ව්‍යාපාරිකයෙකි. පත්තර සමූහයක අයිතිකරුවෙකි. දේශපාලන ඩීල්කරුවෙකි. ඉතිං දැන් ඔහුගේ නම ආයේ ආයෙත් ඇසෙන්නට පටන්ගෙන ඇත. ඒ හරක් කටාගේ අල්ලස් සිදුවීමත් සමඟය. ටිරාන් අලස්ගේ කුප්‍රකට ගනුදෙනු පිළිබඳව මේ ලියුම්කරු බොහෝ දෑ ලියා ඇත. ඒ රාවය පුවත්පත, අනිද්දා පුවත්පත සහ තවත් වෙබ් අඩවි වෙනුවෙනි. එසේ කාලෙකට කලින් ලියූ එක සිද්ධියක් වන්නේ

ටිරාන් අලස්ගේ ඊ-වීසා කතාව මතකද? Read More »

pallegama knews

පල්ලේගම හේමරතන කතා වස්තුව 01 – මෙතෙක් කතාව

ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී මුළු රටම බලාගෙන ඉන්න නඩුකරයක් විභාගයට ගැනුණා. ඒ තමයි හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නම් භික්ෂුව විසින් වයස අවුරුදු 12කට ආසන්න දැරිවියක් බරපතළ විදිහට ලිංගිකව අපයෝජනය කළාය යන චෝදනාව පිළිබඳව විභාග වන බී 22424/2026 දරන නඩුව. තාවකාලිකව අටමස්ථානයේ හිමිකාරත්වයෙන් නෙරපලා සිටින පල්ලේගම භික්ෂුව ඊයේ උසාවිය ඇතුළට ප්‍රාදුර්භූත වෙලා හිටියේ නඩුවට සහභාගී වන්නට

පල්ලේගම හේමරතන කතා වස්තුව 01 – මෙතෙක් කතාව Read More »

afanasy nikitin seamount knews

ලංකාව සතු ඩොලර් බිලියන ගණනක කෝබෝල්ට් කන්ද ඉන්දියාව ගනියි ද?

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව හිමිකම් කියන සාගර කලාපයේ ස්ථානගතව තිබෙනවා යැයි කියන ඩොලර් බිලියන ගණනක් වටිනා කෝබෝල්ට් නිධිය තමන් සතුකරගන්නට ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රිකව උත්සාහ කරමින් ඇතැයි ද එයට ශ්‍රී ලංකාවේ දේශපාලන බලාධිකාරයෙන් විරෝධයක් නැතැයි ද කරුණු වාර්තා වෙයි. මධ්‍යම ඉන්දියන් සාගරයේ පිහිටි කිලෝමීටර් 400ක් දිගැති, සාගර පතුලේ සිට මීටර් 1,200ක් ඉහළට විහිදෙන මෙම අෆානාසි නිකිටින් මුහුදු

ලංකාව සතු ඩොලර් බිලියන ගණනක කෝබෝල්ට් කන්ද ඉන්දියාව ගනියි ද? Read More »

bimal knews

කන්ටේනර් නිදහස් කිරීම – 01

වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ආන්දෝලනාත්මක රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීමේ සිද්ධියේ දී එම කන්ටේනර් නිදහස් කිරීම අධීක්ෂණය සඳහා පත්කර තිබුණ නිලධාරියා බවත් එහිදී ඔහු එම අධීක්ෂණ කාර්‍යභාරයෙන් ඉවත්වී එම කන්ටේනර් නිදහස් කිරීමේ කාර්‍යභාරයට උරදී කටයුතු කර ඇති බවත් නීරීක්ෂණය වෙන බව, මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ මුල්ම කමිටුව සිය වාර්තාව මඟින්

කන්ටේනර් නිදහස් කිරීම – 01 Read More »