ඊයේ (6) සිට බන්ධනාගාර තුළ නොසන්සුන්තා වාර්තා වෙමින් තිබෙන අතර එහි අලුත්ම නොසන්සුන්තාව අද (7) මීගමුව පල්ලන්සේන එළිමහන් සිරකඳවුර තුළ හටගෙන ඇත.
උදෑසන 11.00ට පමණ එම එළිමහන් සිරකඳවුරේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මතට නැඟ යම් විරෝධතාවක නිරත වීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන ඇත.
ඊයේ (6) රාත්‍රියේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වූ අතර එය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව බන්ධනාගාර භාර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. එම නොසන්සුන්තාව නිසා එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මේ අතර අද (7) උදෑසන කුරුවිට බන්ධනාගාරයේ ද මෙවැනිම තත්ත්වයක් ඇතිව තිබූ අතර එය පාලනය කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය වෙඩි තැබූ බවත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් වාර්තා වෙයි. ඒ අනුව කුරුවිට එම සිද්ධියෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර 15 දෙනෙක් තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.
මීට ප්‍රථම මීගමුව බන්ධනාගාරයේ සහ මහර බන්ධනාගාරයේ මෙවැනිම නොසන්සුන්තා සහ ගැටුම් වාර්තා වූ අතර එම තත්ත්වයන් නිසා විශාල ජීවිත හානි ප්‍රමාණයක් ද ඇති විය.
more –https://knews.lk/borella-magazine-prison-unrest/
– https://knews.lk/kuruwita-prison-clash-two-inmates-killed/






