ඊයේ (10) දහවලේ ඉඳලා මුහුණු පොතට ගියාම “නයෝමිචං – Nayomichan” කියන ෆේස්බුක් පිටුව එක දිගටම මූණට හමුවෙනවා. ටිකක් විපරම් කරලා බලද්දී තමයි තේරුණේ, ෆේස්බුක් වැසියන් බොහෝ දෙනෙක් ආදරය කරපු, අනුරාධපුරයෙන් ජපානයට සංක්‍රමණය වෙලා ලස්සන දේදුනු ජීවිතයක් ගෙවමින් සිටිය, හෙට අනිද්දාට අම්මා කෙනෙක් වෙන්න සිටි මලක් වැනි ලස්සන ගැහැණු දරුවෙක් සිය ජීවිත සිහිනයෙන් අවදි වෙලා කියලා.
මම ඉතින් මට ආගන්තුක Nayomichan කියන ෆේස්බුක් පිටුවට ගිහින් බැලුවා. ඒක ලස්සන ලස්සන වීලොග්ස් (Vlogs) පිරුණු සුන්දර සුරංගනා අඩවියක්. ඉතින් ඇයට ආදරය කරපු සුවහසක් ෆේස්බුක් රසිකයන්ගේ හඬාවැටීම සාධාරණයි. මේක අනපේක්ෂිත සමුගැනීමක්. මේ සමුගැනීම ගැන ඇයගේ මිතුරු මිතුරියන් බොහෝ අදහස් දක්වලා තිබුණා. ඒ අතරින් මගේ හිත ගියේ Nirodha Anuradhi Lokuliyanage තැබූ මෙම සටහනටයි. ඉතින් මම ඒක අපේ වෙබ් අඩවිය කියවන ඔබ සමග මෙසේ බෙදාගන්න හිතුවා.

Honestly I’m completely shocked…! nayomichan..!
මේ පින්තූරයේ ඉන්න නංගිවත්, මේ යුවළවත් මම පෞද්ගලිකව අඳුරන්නේ නැහැ! එකවුන්ට් එක ෆලෝ කරලත් නැහැ! හැබැයි කොහෙන් හරි ටයිම්ලයින් එකට එන පුංචි පුංචි වීඩියෝ කෑලි දැකලා, මේ දෙන්නගේ වීඩියෝ එකක් දැක්කොත් බලනවා!
මුලින්ම මට හමු වුණේ මේ දෙන්නගේ මහා කෑම කන තරග වගේ වීඩියෝ!! මේ කැහැටු කෙල්ලයි කොල්ලයි කන විදිහට මුන් දෙන්නා මෙහෙම කෙට්ටුවටම ඉන්නේ කොහොමද කියන ප්රශ්නය තමයි මට ලොකුවටම ඒව බලද්දී තිබ්බේ…
ඊටපස්සේ නයෝමි හදන හදන සිංහල කෑම ගිලින මේ ජපන් කොලුවා දිහා බලන් ඉද්දී හිතුණේ, “අනේ මූ බෑ කියන්න බැරි කමට මේවා මෙහෙම ගිලිනවද දන්නේ නැහැ” කියලා! ජපන් කෑම එක්ක බලද්දී අපේ සහ ඉන්දියන් කෑමවල කුළුබඩු රහ නොසෑහෙන්න වැඩියි! උපතින්ම ජපනෙක්ට ඕවා හිත හදාගෙන ගිලින්න බෑ කියලමයි මට හිතුණේ!
පස්සේ මේ ජෝඩුව දිහා බලන් ඉද්දී හිතුණේ, “අනේ මේ කොල්ලවත් ඇදන් යන්නේ මේ කෙල්ලද කොහෙද…” කියලා. කොල්ලා කොහොමත් අර ආචාරශීලී, ලැජ්ජාශීලී කොරියන් කෑලි-16 නාට්‍යවල ඉන්න සමහර කොරියන් කොල්ලෝ වගේ ජපනෙක්.. මෙයාගේ මොකක් හරි ලක් එකකටම තමයි මේ වගේ කඩිසර ගෑනු ළමයෙක් හම්බ වෙන්න ඇත්තේ කියලා හිතුණා!
බබෙක් හම්බ වෙන්න ආවා.. ඒ එක්කම ඒ දෙන්නා තමන්ගේම කියන අලුත් ගෙදරකට ආවා..! ඔය ගෙදරට ඇවිත් අසල්වාසීන්ට තමන්ව හඳුන්වා දෙන්න යන්න තෑගි පැක් කරන වීඩියෝ එකක් තිබ්බා, ඒක මට මේ වෙලාවේ හොයාගන්න බැහැ. ඒකේ එයා ජපානයේ තෑගි දෙන දේවල් ගැන කියනවා.
කාලෙකට කලින් අපිට ඇති වෙච්ච ජපන් ගැටලුවක් තිබ්බා. අපි පරණ ගෙදර විකුණලා අලුත් ගෙදරකට එන්න කලින්, අපි අලුත් ගෙදරක් ගත්තා කියලා ඒ වෙද්දී අපි ළඟින්ම ආශ්‍රය කරපු අසල්වාසීන් කීප දෙනෙක්ට කිව්වා…! ඒක කිව්වම අසල්වාසීන් වෙලා හිටිය ජපන් ජෝඩුව අපිට දුන්නේ Costco Toilet Paper pack එකක්…! (කවුද අප්පා අපේ රටේ ජීවිතේට මෙහෙම දෙයක් දෙන්නේ අලුත් ගෙදරකට යනවා කිව්වම?)
මට හිතුණෙම අපි එකපාර ගිහින් මෙහෙම දෙයක් කිව්වම, ඒ අය දෙන්න දෙයක් හොයද්දී කැඩුවේ නැති දේකට ගෙදර තියෙන්නම ඇත්තේ මේක වෙන්න ඇති, ඒ නිසා ඒ අය ඒක දෙන්න ඇති කියලා! Costco සයිස් toilet paper roll පැක් එකත් කරේ තියාගෙන අපේ දෙන්නා එදා කමියුනිටි එකේ බ්ලොක්ස් 6 ක් විතර පයින් ගෑටුවා පරණ ගෙදරට!
එදා නයෝමි තෑගි පැක් කරද්දී එයාලගේ අලුත් අසල්වාසීන්ට දෙන්න, එයා කිව්වා ජපානයේ තෑගි දෙන සිරිත සහ දෙන දේවල්! අලුත් ගෙදරකට එන අයට සහ අලුතින් එන අය අසල්වාසීන්ට තෑගි තෝරාගන්න විදිහ ඒකේ තිබුණා. මට අවුරුද්දකට කලින් ජපන් ජෝඩුව අපිට දීපු තෑග්ගේ ගැටලුව ලිහුණේ නයෝමි කරපු ඔන්න ඔය පැහැදිලි කිරීමේදී!
සැරෙන් සැරේ ටයිම්ලයින් එකේ උඩ පහළ යද්දී දැකපු මේ කපල් එක තමන්ගේ පළමු දරුවා පිළිගන්න සූදානම් වෙන හැටි දැක්කා!
ඒ එක්කම දැන් ටිකකට කලින් එකපාරටම හෙනම shocking post එකක් දැක්කත් මට හරියටම හිතාගන්න බැරි වුණා ඒකේ ලියලා තිබ්බ දේ. අන්තිමට හිතුවා නයෝමිගේ දරුවා නැති වෙලා වෙන්න ඇති.. “කමක් නෑ තරුණ ජෝඩුවක්නේ, ඒ අයට තව දරුවෝ හදන්න/දකින්න කාලය තියෙනවනේ” කියලා!
ඊටපස්සේ තමයි දැක්කේ හරිම විස්තරේ! නැති වෙලා තියෙන්නේ නයෝමි…! හේතුවක් දන්නේ නැහැ! සමහර විට දරුවා ලැබෙන්න ගිහින් සිදුවුණු මොකක් හරි දෙයක් වෙන්න ඇති! ඒත් මෙච්චර තරුණ, හෙට කියලා දවසක් ගැන බලාපොරොත්තු පොදි බැඳගෙන බලන් හිටිය, ජීවිතයට මාර විදිහට ආදරය කරපු තරුණ ගෑනු ළමයෙක්ට තමන්ගේ ජීවිතයට මේ විදිහට නැවතීම තියන්න සිදුවුණා කියන එක කිසිම විදිහකින් බලාපොරොත්තු නොවූ ආරංචියක්.
ඇත්තටම මේක නිකන් ඔළුවට පොල්ලකින් ගැහුවා වගේ දැනෙන සිද්ධියක්!
හෙට දවස – අපේ “ඊළඟ” මොහොත – ජීවිතයේ අපිට ඉස්සරහට ඉතිරි දවස් ගැන අපි දන්නේ මොනවාද?
ජීවිතය කියන්නේ “මේ” මොහොත විතරමයි!
Farewell to a beautiful young soul. May you rest in peace. ❤️ Wishing her husband immense strength to face this unimaginable loss.
ඔබට ඇයගේ ෆේස්බුක් පිටුවට මෙතනින් යන්න පුළුවන් – https://www.facebook.com/profile.php?id=61581975190631
ජපාන සෞඛ්‍ය සේවය ගැන කියවන්න – https://knews.lk/japan-healthcare-system-hidden-problems/






Pingback: ජපාන සෞඛ්‍ය පද්ධතියේ අඳුර | විදේශිකයන් මුහුණ දෙන ගැටලු