A9 මාර්ගයේ අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධිය අසලදී අද (10) උදෑසන මගී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුලින්ම මුහුණට මුහුණ ගැටී ඇති අතර, පසුව ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික මගී බස් රථයක්ද වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට ලක්වූ බස් රථ දෙකේ ගැටී ඇතැයි වාර්තා වෙයි.
මෙම බිහිසුණු අනතුරින් මගීන් 50ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වන අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රඹෑව ප්‍රාදේශීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.




